ක්‍රීඩා

2023 ක්‍රිකට් ලෝක කුසලානය අදින් ඇරඹේ

Published

on

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී අද (05) ආරම්භ වීමට නියමිතය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 1975 වසරේදී එංගලන්තයේදී ඇරඹි අතර මෙවර පැවැත්වෙන්නේ එහි 13 වැනි අදියරයි.

මෙවර තරඟාවලිය සඳහා ඉන්දියාව සත්කාරකත්වය දරන අතර ක්‍රීඩාංගණ 10කදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව එහි ආරම්භක තරඟය එංගලන්තය සහ නවසීලන්තය අතර අද පැවැත්වේ.

තරඟාවලිය ආරම්භ කරමින් අද තරඟ බිමට පිවිසෙන එංගලන්ත සහ නවසීලන්ත කණ්ඩායම් වල ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ආබාධවලට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඒ අනුව එංගලන්තයේ බෙන් ස්ටෝක්ස් ආබාධයක් හේතුවෙන් අද තරගයට සහභාගී වීම අවිනිශ්චිත බවට සඳහන් වේ.

මේ අතර නවසීලන්ත නිත්‍ය නායක කේන් විලියම්සන් සහ වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සෝදිගේ සහභාගීත්වයද අවිනිශ්චිත බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

අද තරඟය මෙරට වේලාවෙන් පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතය.

Trending

Exit mobile version