වසර 2024දී ප්‍රංශයේදී පැවැත්වීමට නියමිත එළඹෙන ගිම්හාන ඔලිම්පික් උළෙලේ හා පැරා ඔලිම්පික් උළෙලේ නිල සුරතලා එළිදක්වා ඇත.
මෙහි විශේෂත්වය වන්නේ වෙනත් වසර වල මෙන් සුරතල් සත්ත්වයෙකු යොදානොගෙන මෙය යුරෝපීයන් අතර ජනප්‍රිය Phryges (ෆ්‍රීජ්) නම් තොප්පියක් මේ සඳහා යොදා ගැනීමයි.
අතීතයේදී රෝමයේ නිදහස ලැබූ වහලුන් විසින් පැළඳ සිටි මෙම තොප්පිය අතීතයේ පටන් නිදහසේ ලාංඡනයක් ලෙස සැලකෙන අතර, 18 වන සියවසේ අගභාගයේ ප්‍රංශ විප්ලවයේ සංකේතයක් බවටද පත්විය.
“සතෙකුට භාවිතා කිරීමට වඩා, මෙය අප පරමාදර්ශයක් නියෝජනය කරයි,” යැයි පැරිස් 2024 සභාපති Tony Estanguet මහතා පවසයි.”අපගේ මුද්දරවල සහ අප නගර ශාලාවල උඩ දිස්වන මෙය අපට හුරු සංකේතයක් බැවින්, එය ප්‍රංශ අනන්‍යතාවය සහ ආත්මය නියෝජනය කරයි.”
රතු පැහැයෙන් යුක්ත මෙම ආකෘතිය නිළ වශයෙන් අද (14දා) එළි දක්වා ඇත.