ක්‍රීඩා

2024 යොවුන් ලෝක කුසලාන තරගාවලියේ සත්කාරත්වය ලංකාවට

Published

on

2024 වසරේදී පැවැත්වීමට නියමිත වයස 19 න් පහළ ලෝක කුසලාන (යොවුන් ලෝක කුසලාන) තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.

වසර 2024 – 2027 අතර කාලයේදී වයස 19 න් පහළ තරගාවලි වල සත්කාරකත්වය හිමි රටවල් පිළිබඳව මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව, 2026දී පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය සිම්බාබ්වේ හා නැමීබියාවේදී පැවැත්වීමට නියමිතය.

තවද, 2025දී පැවැත්වීමට නියමිත වයස 19 න් පහළ කාන්තා ලෝක කුසලානයේ සත්කාරකත්වය මැලේසියාවට හා තායිලන්තයට හිමි වී ඇති අතර, 2027දී එම තරගාවලියේ සත්කාරකත්වය බංගලාදේශයට හා නේපාලයට හිමිවේ.

Trending

Exit mobile version