Connect with us

ක්‍රීඩා

2030 FIFA ලෝක කුසලානයට රටවල් 64ක්

Published

on

පාපන්දු ලෝක කුසලානයේ සියවස් සැමරුම වෙනුවෙන් 2030 වසරේ පැවැත්වෙන අදියරේදී රටවල් 64කට ලෝක කුසලාන වරම් හිමිකරදීමට ලෝක පාපන්දු සම්මේලනය (FIFA) තීරණය ඇත.

උරුගුවේ රාජ්‍යයේ සත්කාරකත්වය යටතේ පාපන්දු ලෝක කුසලානය පළමුවෙන්ම 1930 වසරේදී ආරම්භ වූ අතර, 2030 වසරේ දී ඊට වසර 100ක් සම්පූර්ණ වේ.

2030 වසරේ පාපන්දු ලෝක කුසලානය අප්‍රිකානු රටක්වන මොරොක්කෝව සහ යුරෝපීය රටවල් ද්විත්වයක්වන ස්පාඤ්ඤය හා පෘතුගාලයේ සමසත්කාරකත්වය යටතේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ එලෙස මහාද්වීප දෙකකින් රටවල් තුනක් සත්කාරකත්වය දක්වන පළමු අවස්ථාවද එයවනු ඇත.

කෙසේ නමුත් 100වන සංවත්සරය සැමරීම සඳහා ආර්ජන්ටිනාව, පැරගුවේ සහ උරුගුවේද තරග 3ක් පැවැත්වීමට ලෝක පාපන්දු සම්මේලනය සැලසුම්කර තිබේ.

2026 පාපන්දු ලෝක කුසලානයද අමෙරිකාව, මෙක්සිකෝව සහ කැනඩාව යන රටවල සමසත්කාරකත්වයෙන් පැවැත්වෙන අතර, එම තරගාවලියේදීද ක්‍රීඩාකරන කණ්ඩායම් සංඛ්‍යාව 32 සිට 48 දක්වා ඉහළදමා ඇත.

ක්‍රීඩා

බංග්ලාදේශය ගෞරවය රැක ගනියි

Published

on

By

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි දෙවැනි එක්දින ක්‍රිකට් තරගය බංග්ලාදේශය ලකුණු 16කින් ජය ගත්තේ ය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 248ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 232ක් පමණි.

Continue Reading

ක්‍රීඩා

ලිවර්පූල් ක්‍රීඩක ඩියෝගෝ මෝටර් රථ අනතුරකින් මරුට

Published

on

By

ලිවර්පූල් පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක 28 හැවිරිදි ඩියෝගෝ ජෝටා ද සිල්වා මෝටර් රථ අනතුරකින් මියගොස් තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ අද (03) අළුයම ස්පාඤ්ඤයේ සැමෝරා පළාතේ දීය.

අනතුරින් ඔහුගේ සහෝදරයා වන පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක 26 හැවිරිදි ඇන්ඩ්‍රේ ද සිල්වා ද මියගොස් ඇත.

ඔවුන්ගේ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය තවත් වාහනයක් පසුකර යාමේදී ටයරයක් පුපුරා යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට විසිවී පසුව ගිනිගෙන ඇති බව සඳහන් වේ.

ඩියෝගෝ, විරූට් කාර්ඩෝසෝ සමග විවාහ වූයේ මේ වසරේ ජුනි 22දා ය. ඔවුන් දෙදෙනා හට දරුවන් තිදෙනෙකු සිටියි. විදෙස් මාධ්‍ය පවසන්නේ ඔවුන්ගේ විවාහ උත්සවයේ නිල වීඩියෝ පටය, මෙම අනතුරට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර ඇති බවය.

ඩියෝගෝ, පසුගිය ප්‍රිමියර් ලීග් ශූරතාව ලිවර්පූල් කණ්ඩායමට දිනාදීමට බෙහෙවින් දායක වූ ක්‍රීඩකයෙකු ලෙස සැලකේ.

Continue Reading

ක්‍රීඩා

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

Published

on

By

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ඊයේ (02) ලකුණු 77 කින් ජය ගත්තේ ය.

වනිදු හසරංග ලකුණු 10කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

කමිඳු මෙන්ඩිස් ලකුණු 19ට කඩුලු 3යි.

ලකුණු 245ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයේ සියලු දෙනා ලකුණු 167කට දැවී ගියේ ය. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved