Connect with us

ක්‍රීඩා

207 ඉන්න අපේ ෆුට්බෝල් තහනම් කළාම මක්ක වෙයිද?

Published

on

ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ විසින් පසුගියදා ක්‍රීඩා පණතට සංශෝධන කිහිපයක් එකතු කරමින් නිකුත් කළ ගැසට් පත්‍රය නිසා ක්‍රීඩා පරිපාලනයේ වසර ගණනක් මුළුල්ලේ වෙනත් අයට අවස්ථාවක් ලබා නොදෙමින් රැඳී සිට්න නිලධාරින් පිරිසක් මහත් කැළඹීමට පත්ව තිබේ.

එම සංශෝධනයෙන් වයස 70 ට වැඩි අයට පිට පිට දෙවරක් සභාපති ධූර දැරූ අයට වසර අටක් විවිධ තනතුරු දැරූ අයට හා කිසියම් දූෂණ චෝදනාවකට වරදකරුවකු වූ අයට ඉදිරි නිලවරණ වලට සහභාගි වීම වළක්වා තිබීම ක්‍රීඩා පරිපාලනයට අලුතින් එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ දෙනකුගේ ප්‍රශංසාවට හේතු වී තිබිණ.

එහෙත් මේ මගින් විදෙස් සංචාර හා වෙනත් වරප්‍රසාද රැසක් දිගින් දිගටම භුක්ති විඳමින් සිටි ඇතැම් නිලධාරින් කිහිප දෙනෙකු එක්ව ක්‍රීඩා ඇමතිවරයාට එරෙහිව නඩු මඟට බැසීමටද පසුගිය දිනවල නීතිවේදීන් හමුවී උපදෙස් ලබාගෙන තිබුණු බව වාර්තා විය.

මේ අතර අලුත්ම තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ පාපන්දුවේය. එහි නිලවරණය ලබන 14 දා පැවැත්වීමට නියමිතව තිබෙන අතර එය නව රෙගුලාසි අනුව පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු යොදා තිබිණ.

මේ අනුව ලීග සඳහා මෙතෙක් තිබුණු චන්ද තුන එක් චන්දයකට සීමා කර තිබීම ඇතැමුන්ට බරපතල ප්‍රශ්නයක් බවට පත්වූ බව ශ්‍රීලංකා මිරර් වෙත වාර්තා විය.

කෙසේ වෙතත් පාපන්දු නිලවරණට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයද (ෆීෆා) ප්‍රතික්‍රියා දක්වමින් අනතුරු ඇඟවීමක් එවා තිබිණ.

මෙම ලිපියට ඇතැම් මාධ්‍ය ප්‍රසිද්ධියක් ලබා දී තිබුණේ මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරග තහනමක් හා මූල්‍ය ආධාර අහිමි වීමක් ෆීෆා මගින් ලැබීමේ අවදානමක් ඇති බවටයි.

එහෙත් පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජැස්වර් විසින් කරන ලද අත්තනෝමතික හා විගණනයට ලක් නොවුණු වියදම් පිළිබඳව ඇති චෝදනා ගැන ෆීෆා නිලධාරීන් කිසිවක් නොකීම පුදුමයට කරුණක් බව පාපන්දු ක්ෂේත්‍රයේ කතා බහට ලක්ව තිබේ.

මේ අතර කටාරයේ පැවති ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රවේශපත්‍ර මිළදී ගැනීම සඳහා ඩොලර් 43,000 ක් වැය කිරීම හා එම ප්‍රවේශ පත්‍ර වලට සිදු වූයේ කුමක්දැයි පැහැදිලි නොකිරීම පිළිබඳව ජැස්වර්ට ඇත්තේ බරපතල චෝදනාවකි.

ඔහු මීට පෙර පාපන්දු සමේලනයේ ලේකම් ලෙස කටයුතු කළ සමයේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය පැවැත්වූ විමර්ෂනයකදී ජැස්වර් වරදකරුවකු බවට නිර්දේශ කර තිබිණ.

නව රෙගුලාසි අනුව එවැන්නෙකුට යළි තරග වැදිය නොහැකි වුවත් මෙවර පාපන්දු නිලවරණ කමිටුව ජැස්වර්ගේ සභාපති නාම යෝජනාව පිළිගෙන තිබීම විශේෂ සිද්ධියකි.

දැනට ශ්‍රී ලංකා පාපන්දුව ඇත්තේ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් රටවල් 211 අතර 207 වැනි ස්ථානයේය. ඒ අනුව පාපන්දුව ජාත්‍යන්තර මට්ටමින් තහනම් කළහොත් අමුතුවෙන් සිදු විය හැකි දෙයක් නැති අතර වනුයේ වාර්ෂිකව සම්මේලනය වෙත ෆීෆා වෙතින් ලැබෙන ඩොලර් ප්‍රමාණය අහිමි වීම පමණක් බව බොහෝ පාපන්දු විචාරකයෝ පවසති.

ක්‍රීඩා

ලිවර්පූල් ක්‍රීඩක ඩියෝගෝ මෝටර් රථ අනතුරකින් මරුට

Published

on

By

ලිවර්පූල් පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක 28 හැවිරිදි ඩියෝගෝ ජෝටා ද සිල්වා මෝටර් රථ අනතුරකින් මියගොස් තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ අද (03) අළුයම ස්පාඤ්ඤයේ සැමෝරා පළාතේ දීය.

අනතුරින් ඔහුගේ සහෝදරයා වන පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක 26 හැවිරිදි ඇන්ඩ්‍රේ ද සිල්වා ද මියගොස් ඇත.

ඔවුන්ගේ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය තවත් වාහනයක් පසුකර යාමේදී ටයරයක් පුපුරා යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට විසිවී පසුව ගිනිගෙන ඇති බව සඳහන් වේ.

ඩියෝගෝ, විරූට් කාර්ඩෝසෝ සමග විවාහ වූයේ මේ වසරේ ජුනි 22දා ය. ඔවුන් දෙදෙනා හට දරුවන් තිදෙනෙකු සිටියි. විදෙස් මාධ්‍ය පවසන්නේ ඔවුන්ගේ විවාහ උත්සවයේ නිල වීඩියෝ පටය, මෙම අනතුරට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර ඇති බවය.

ඩියෝගෝ, පසුගිය ප්‍රිමියර් ලීග් ශූරතාව ලිවර්පූල් කණ්ඩායමට දිනාදීමට බෙහෙවින් දායක වූ ක්‍රීඩකයෙකු ලෙස සැලකේ.

Continue Reading

ක්‍රීඩා

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

Published

on

By

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ඊයේ (02) ලකුණු 77 කින් ජය ගත්තේ ය.

වනිදු හසරංග ලකුණු 10කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

කමිඳු මෙන්ඩිස් ලකුණු 19ට කඩුලු 3යි.

ලකුණු 245ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයේ සියලු දෙනා ලකුණු 167කට දැවී ගියේ ය. 

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 244කට සීමා වෙද්දී චරිත්ගෙන් ශතකයක්

Published

on

By

බංග්ලාදේශයට එරෙහිව අද (02) පැවැත්වෙන පළමු එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 244ක් පමණි.

ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 5වන ශතකය රැස්කිරීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් විය.

ඊට අමතරව කුසල් මෙන්ඩිස් (45), ජනිත් ලියනගේ (29), මිලාන් රත්නායක (22) හා වනිඳු හසරංග (22) පිත්තෙන් දක්ෂතා දැක්වූහ.

බංග්ලාදේශය වෙනුවෙන් ටස්කින් අහ්මඩ් (4/47) හා තන්සිම් හසන් (3/46) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීමට සමත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved