පිලිපීනයේ පැවතී ජ්‍යෙෂ්ඨයන් සඳහා වූ ජාතික මළල ක්‍රීඩා තරඟාවලියේදී මුලතිව් දිස්ත්‍රික්කයේ කාන්තාවක් රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබේ.
මෙලෙස මෙම පදක්කම් දිනාගෙන ඇත්තේ අකිලා තිරුනායකී නම් 71 හැවිරිදි කාන්තාවකි.
එම තරඟාවලියේදී ඇය මීටර් 1500 හා 5000 යන ඉසව්වලදී රන් පදක්කම් දෙකක්ද, මීටර් 800 තරගයෙන් ලෝකඩ පදක්කමක්ද දිනා ගත් බව වාර්තා වේ.
මීට අමතරව, මීටර් 400 දුර දිවීමේ තරඟයෙන් සිවුවැනි ස්ථානයද හිමි කර ගෙන තිබෙන ඇය, විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියකි.