‘බ්‍රැඩ්බි’ පළිහ තරගාවලියේ 77 වැනි තරගයේ පළමු අදියර යටතේ අද (22) පැවැති තරගයෙන් ලකුණු 13-10ක් ලෙස රාජකීය විදුහල පරදා ත්‍රිත්ව විදුහල තියුණු ජයක් වාර්තා කිරීමට සමත් විය.
පළමු භාගයේදී ලකුණු 10 – 0ක් ලෙස ඉදිරියෙන් සිටීමට රාජකීය විදුහල සමත්වුවද, දෙවැනි භාගයේදී ත්‍රිත්ව ක්‍රීඩකයන් ප්‍රබල තරග විලාශයක් පෙන්වමින් ජය ගැනීමට සමත් විය.