Connect with us

ක්‍රීඩා

95 වැනි ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමය බලන්න ගුවන් යානා හයකින් කොළඹට

Published

on

 95 වැනි ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමය වෙනුවෙන් ඊයේ කොළඹ පැවැති රථ පෙරහැරට සමගාමීව ගුවන් හමුදා හෙළිකොප්ටරයක් දෙවිදුහල් කොඩි රැගෙන ගුවනේපෙළහැර පෑ අයුරු..

කොළඹ එස්එස්සී පිටියේදී අද (28) සිට දින තුනක් පැවැත්වීමට සුදානම් කොට 95 වැනි ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමය වෙනුවෙන් ආදි ආනන්දීයන් සහ ආදි නාලන්දීයන් ලන්ඩන් නුවර සහ මෙල්බර්න් නුවර සිට ගුවන්යානා 6කින් මෙරටට පැමිණීමට කටයුතු යොදා තිබේ.

එහි පළමු ගුවන්යානා දෙක ලන්ඩන් සහ මෙල්බර්න් සිට පෙරේදා කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ වෙත ළඟා වූ අතර ඊයේ දින අනෙක් යානා 4 පැමිණියේය. 

මෙල්බර්න් සිට මෙරටට පැමිණි ගුවන්යානයේ නියමුවන් ලෙස ආදි නාලන්දීයකු වන කපිතන් නාමල් ප්‍රනාන්දු සහ ආදි ආනන්දියකු වන හර්ෂ විජේවර්ධන යන මහත්වරු එක්ව සිටීමද විශේෂත්වයකි.

Heading Home for the 95th Battle! 🔥 From the UK to Australia, Maroons are making their way back for the ultimate showdown! 👑 SriLankan Airlines 🤝 Battle of the Maroons #මේකතමයිබිග්මැච්එක #දැන්දවස්තුනයි #bom25 #95thbattleofthemaroons #roadtobattleofthemaroons #FlightsOfTheMaroons

Posted by Battle of the Maroons on Tuesday, February 25, 2025

මෙවර සුලෝහිත සංග්‍රාමය පළමු වරට දින තුනක් පැවැත්වෙන අතර කොළඹ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම ආශින්ස නයිනායක මෙහෙයවන අතර, නාලන්දා කණ්ඩායමේ නායකයා ලෙස සදෙව් සමරසිංහ කටයුතු කරයි. 

දිවංගත ආචාර්ය එන්.එම්. පෙරේරා අනුස්මරණ අභියෝග ශූරතා කුසලාන වෙනුවෙන් පැවැත්වෙන සුලෝහිත සංග්‍රාමය වාර්ෂිකව 94 වතාවක් පැවති අතර, එයින් තරග 12ක් ආනන්ද විදුහල හා තරග 7ක් නාලන්දා විදුහල ජය හිමිකර ගත්හ.

ආනන්ද විදුහල 2003 වසරේදී ඩී. කුලරත්නගේ නායකත්වයෙන් හා නාලන්දා විදුහල 2022 වසරේදී දිනෙත් සමරවීරගේ නායකත්වයෙන් අවසන්වරට ජය වාර්තා කර ඇත.

We promised it would be Bigger, Better, and Bolder, now it’s time to deliver! The official theme song of the 95th Battle of the Maroons is here! 🔥 Battle එකට ජවයක් දෙන cheer එකයි මේ 👑 95වන ආනන්ද – නාලන්දා සුලෝහිත සංග්‍රාමයේ නිල තේමා ගීතය #මේකතමයිබිග්මැච්එක #දැන්දවස්තුනයි #bom25 #95thbattleofthemaroons #roadtobattleofthemaroons

Posted by Battle of the Maroons on Thursday, February 27, 2025

ක්‍රීඩා

ටෙස්ට් තරඟයේ ජය ශ්‍රී ලංකාවට

Published

on

By

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කර තිබේ.

එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ ලකුණු 78කින් එම තරගයේ ජය ගැනීමට සමත් විය.

ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ මෙම තරගය 1-0ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි විය.

SSC ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ සිව්වද දින වූ අද (28) දින උදෑසන බංග්ලාදේශය සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර එහිදී ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 115ක් රැස් කරගෙන සිටියේය. 

ඒ අනුව ඔවුන්ට සිය දෙවන ඉනිම සඳහා රැස්කරගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 133ක් පමණි.

මෙම තරගයේදී කිසිදු බංග්ලාදේශ පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව ඉක්මවා යාමට හැකියාවක් නොලැබුණු අතර වැඩිම ලකුණු ලාභියා වූයේ මුෂ්ෆිකර් රහීම් වන අතර ඔහු රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 26කි.

මෙහිදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 56කට කඩුලු 5ක් දවා ගැනීමට සමත්වූ අතර නායක ධනංජය ද සිල්වා සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින් දවා ගත්තේය.

Continue Reading

ක්‍රීඩා

පැතුම් 150 පසුකරයි

Published

on

By

බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් විය.

ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග දෙකකදී මේ වනවිට ලකුණු 150 සීමාව පසුකර ඇත.

පන්දු 242කට මුහුණදෙමින් ඔහු මෙම කඩඉම පසුකර ගිය අතර, ඔහුගේ ඉනිමේ හතරේ පහර 18ක්ද ඇතුළත් වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 2කට ලකුණු 296ක් රැස්කරගෙන සිටින අතර, පැතුම් සමගින් අනෙක් අන්තයේ රැඳී සිටින ප්‍රබාත් ජයසූරිය පන්දු 23කට මුහුණදී ලකුණු 6ක් රැස්කරගෙන සිටියි.

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනට අද තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 290ක් රැස්කරගෙන සිටි අතර, ඒ වනවිට පැතුම් ලකුණු 146ක් ලබාගෙන තිබුණි.

Continue Reading

ක්‍රීඩා

කාසියේ වාසිය බංග්ලාදේශයට

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සොනාල් දිනූෂ කණ්ඩායමට කැඳවා ඇත.

තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved