ක්‍රීඩා

ඇෆ්ගන් පිල ලබන මාසයේදී මෙරටට

Published

on

එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායම නොවැම්බර් මසදී ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය. තරග 3 කින් සමන්විත මෙම තරගාවලිය නොවැම්බර් 25 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත.

2023 වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලියේ සියලුම තරග පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

2023 පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම සංචාරය නව කාලසටහනට මාරු කරනු ලැබුවේ ජාතීන් දෙකේ ජාත්‍යන්තර ක්‍රිකට් දින දර්ශන වෙනස් කිරීමට අවස්ථාව තිබූ බැවිනි.

Trending

Exit mobile version