අදින් ඕස්ට්‍රේලියාවේ (16) ඇරඹුනු පන්දුවාර විස්සයි 20 ලෝක කුසලානයේදී, කොවිඩ්-19 සම්බන්ධ නීති රීති ලිහිල් කර ඇතැයි වාර්තා වේ.
මේ අනුව, කොවිඩ්-19 ආසාදිත යැයි හෙළි වූ ක්‍රීඩකයන්ට පවා තරගාවලියට ක්‍රීඩා කිරීමට අවසර දෙන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සනාථ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කොවිඩ්-19 ආසාදනය වූවන් සඳහා අනිවාර්ය හුදෙකලා වීම සම්බන්ධයෙන් පැවති ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ නීති රීති පසුගියදා අවසන් විය.
cricket.com.au වෙබ් අඩවියේ පළ වූ වාර්තාවකට අනුව, තරඟාවලිය අතරතුර අනිවාර්ය කොවිඩ් පරීක්ෂණ සිදු නොකරන අතර, ක්‍රීඩකයෙකු හට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි පරීක්ෂණයකින් ඔප්පු වුවත්, හුදකලා කාල සීමාවක්ද නොමැති වේ.
ඒ වෙනුවට එවැනි ක්‍රීඩකයන් තවදුරටත් ක්‍රීඩා කිරීම සුදුසු දැයි තක්සේරු කර තීන්දු කිරීම කණ්ඩායම් වෛද්‍යවරුන්ට භාර වේ.
කෙසේ වෙතත්, ක්‍රීඩකයෙකු ධනාත්මක PCR පරීක්ෂණ වාර්තාවක් හේතුවෙන් සංචිතයට වෙනස්කම් කිරීමට කණ්ඩායමට අවසර ලැබෙන අතර, යළි ඍණාත්මක පරීක්ෂණයකින් අනතුරුව ඒ නැවත ලබා දෙන්නේ නම්, සංචිතයේ වෙනස්කම් සිදු කිරීමට එම ක්‍රීඩකයාට අවසර ලැබේ.