ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (05) රාත්‍රියේදී ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවරදී අත් අඩංගුවට ගෙන තිබේ.
කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් ඔහුව අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
මේ වන විටත් ඔහු නොමැතිව ශ්‍රී ලංකා පිල නැවතත් මෙරට බලා පිටත් වී ඇති අතර, ගුණතිලක හා කතා කිරීමට කණ්ඩායම් කළමනාකරු – මහින්ද හලන්ගොඩ හට විනාඩි 5ක කාලයක් පමණක් ලැබී තිබුණු බව ‘සන්ඩේ ටයිම්ස්’ වාර්තා කරයි.
මීට සති තුනකට පෙර ඇති වූ ආබාධයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක වෙනුවට කණ්ඩායමට අශේන් බණ්ඩාර කැඳවූ අතර, ඔහුව ශ්‍රී ලංකාවට නොඑවා සංචිතයේ තවදුරටත් රඳවාගැනීමට ක්‍රිකට් බලධාරින් කටයුතු කර තිබුණි.