අද (10) පැවති පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව කඩුලු 10කින් පරදවා අවසන් මහා තරගයට පිවිසීමට එංගලන්තය සමත් විය.
විරාත් කෝලි සහ හර්දික් පාණ්ඩ්‍යාගේ අර්ධ ශතක සමඟින් ඉන්දියාව ලකුණු 168/6ක් ලබා ගත් නමුත්, කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 170ක් ලබාගැනීමට එංගලන්ත පිලට හැකිවිය. එංගලන්ත පිල වෙනුවෙන් ඇලෙක්ස් හේල්ස් සහ ජොස් බට්ලර් නොදැවී ලකුණු 86ක් හා 80ක් ලබාගෙන තිබුණි.
මේ අනුව, එංගලන්තය හා පාකිස්තානය අතර පැවැත්වෙන 2022 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඉරිදා දින (13) MCG හිදී පැවැත්වීමට නියමිතය.