2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයේ තරග අද(09) ආරම්භ වීමට නියමිතයි.
එහි පළමු තරගය පැවැත්වෙන්නේ ක්‍රොඒෂියාව සහ බ්‍රසීලය අතරයි.
තරගය දෝහාහි එඩියුකේෂන් සිටි ක්‍රීඩාංගණයේදී අද (09) රාත්‍රී 8.30ට ආරම්භ වේ.
අර්ධ අවසන් පූර්ව වටයේ දෙවන තරගය නෙදර්ලන්තය සහ ආජන්ටිනාව අතර මෙරට වේලාවෙන් හෙට අලුයම 12.30ට පැවැත්වෙන අතර අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් සංඛ්‍යාව 8 කි.
එමෙන්ම හෙට (10) රාත්‍රී 8.30 ට මොරොකෝව සහ පෘතුගාලය අතර තරගයත්, මධ්‍යම රාත්‍රීයේ එංගලන්තය සහ ප්‍රංශය අතර තරගයත් පැවැත්වීමට නියමිතව ඇත.
සියළුම තරග පිළුමළුන් පිටුදැකීමේ (knockout) ආකාරයට පැවැත්වේ.