ක්‍රීඩා

ICCයෙන් චමරි අතපත්තුට ඇගයීමක්

Published

on

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුව නම් කර තිබේ.

එම සම්මානය සදහා නිර්දේශ වූ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකා ලෝරා වොල්වාඩ් හා නෙඩීන් ඩි කල්ර්ක් පරදවා චමරි අතපත්තු මෙම සම්මානයට පාත්‍ර වී ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට එරෙහිව පැවති තරඟාවලියේදී දැක්වූ දක්ෂතා සළකා බලා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.

එහිදී ලකුණු 114ක් රැස්කරමින් කඩුලු 5ක් දවාගැනීමට චමරි අතපත්තුට හැකිවිය.

චමරි අතපත්තු මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ක්‍රීඩිකාවන්ගේ පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානයේ පසුවන අතර තුන් ඉරියව් ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයේ පසුවෙයි.

තවද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිණියන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 3වන ස්ථානයේ පසුවෙයි.

Trending

Exit mobile version