ක්‍රීඩා

දේශපාලන අතපෙවීම් නිසා ICCය ලංකාවේ ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවයි

Published

on

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබේ.

අද (10) රැස් වූ ICCය තීන්දු කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ICCහි සාමාජිකයකු ලෙස එහි වගකීම් බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බවයි.

විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ පාලනය, නියාමනය සහ/හෝ පරිපාලනයට රජයේ මැදිහත්වීමක් ඇති නොවන බවට සහතික වීම සම්බන්ධයෙන් ඇති වගකීම බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බව ICCය විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.

සාමාජිකත්වය අත්හිටුවීමට අදාල කොන්දේසි සම්බන්ධයෙන් ICCය ඉදිරියේදී තීන්දු කිරීමට නියමිතය.

Trending

Exit mobile version