Connect with us

ක්‍රීඩා

ICC ටෙස්ට් ශූරතාව ඔස්ට්‍රේලියාවට

Published

on

දෙවැනි වරට පැවති අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 209කින් පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

ඔස්ට්‍රේලියාවට අමෙරිකානු ඩොලර් මිලියන 1.6ක මුදල් ත්‍යාගයක් හිමිවූ අතර, අනුශූරයන් වූ ඉන්දියාවට ඩොලර් 800,000ක් හිමි විය.

ලකුණු 444ක දැවැන්ත ඉලක්කයක් හමුවේ සිවුවැනි දිනය නිමා වන විට ලකුණු 164කට කඩුලු 3ක් අහිමිව තිබූ ඉන්දීය පිලට තරගයේ අවසන් දිනයේ වූ ඊයේ ඉතිරිව තිබූ කඩුලු 7 ට තවත් එක් කර ගත හැකිවූයේ ලකුණු 70ක් පමණි.

දිනයේ පළමු කඩුල්ල ලෙස විරාත් කෝලි ලකුණු 49කට දැවී ගියේ ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා ලෙසිනි. 

ඔහුගේ දැවීයාමත් සමග ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ සෙසු පිතිකරුවන්ට ස්ථාවර වීමට අවස්ථාවක් නොලැබිණි.

ලන්ඩන්හි ඕවල් පිටියේ පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට ලකුණු 469ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ඉන්දියාවට රැස් කළ හැකි වූයේ ලකුණු 296ක් පමණි. 

ලකුණු 173ක් ඉදිරියෙන් දෙවැනි ඉනිම ඇරඹු ඔස්ට්‍රේලියාව කඩුලු 8ක් දැවී ලකුණු 270කට ඉනිම අත්හිටවූයේ ඉන්දියාවට ලකුණු 444ක ඉලක්කයක් දෙමිනි.

ඔස්ට්‍රේලියා පළමු ඉනිමේදී ලකුණු 163ක් රැස් කළ ට්‍රැවිස් හෙඩ් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.

ක්‍රීඩා

චරිත් අසලංක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක්වෙයි

Published

on

By

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබේ.

ඒ තරගාවලි අතරතුර කණ්ඩායමෙන් ඉවත් වූ කෝබින් බෝශ් වෙනුවටය.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා එක්වන චරිත් අසලංකට ඉන්දියානු රුපියල් ලක්ෂ 75ක මිලක් මුම්බායි කලමණාකාරිත්වය විසින් නියමකර තිබේ.

එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් මිලියන 26.4ක් පමණ වේ.

Continue Reading

ක්‍රීඩා

ඉන්දියාව ආසියානු ක්‍රිකට් කවුන්සිල වර්ජනයක?

Published

on

By

පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්විගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන සියලුම තරඟාවලි වලින් ඉවත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

පාකිස්තානය සහ ඉන්දියාව අතර පවතින වත්මන් රාජත්‍රාන්තික අර්බුදය මීට හේතුවයි.

එළැඹෙන මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලානය ඇතුළුව සියලුම තරඟාවලිවලින් ඉවත් වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ.

Continue Reading

ක්‍රීඩා

කොදෙව් ටෙස්ට් නායකත්වයට රොස්ටන් චේස්

Published

on

By

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නව නායකයා ලෙස තුන්ඉරියව් ක්‍රීඩක රොස්ටන් චේස් නම්කර ඇත. 

33 හැවිරිදි වියේ පසුවන චේස්, කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් තරග 49ක ඉනිම් 90කදී ලකුණු 2,265ක් රැස්කර තිබේ.

ඔහු ශතක 5ක් හා අර්ධ ශතක 11කට හිමිකම් කියයි.

චේස් නායකත්වය දරණ පළමු ටෙස්ට් තරගය ඔහුගේ 50වන ටෙස්ට් තරගය වනු ඇත.

කෙසේ නමුත් 2023 වසරේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව දකුණු අප්‍රිකාවේ ක්‍රීඩාකළ ටෙස්ට් තරගාවලියෙන් පසු ඔහු මේ දක්වා කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩාකර නොමැත.

කොදෙව් ටෙස්ට් නායක ලෙස කටයුතු කළ ක්‍රේග් බ්‍රැත්වේට් පසුගිය මාර්තු මස ඉන්දීය කොදෙව් නායකත්වයෙන් ඉවත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved