Connect with us

ක්‍රීඩා

ICC ශ්‍රේණිගත කිරීම්හි ක්‍රීඩකයින් 6ක් පළමු දස දෙනා අතරට

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 06 දෙනෙකු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම්හි පළමු දස දෙනා අතර රැදී සිටිමට සමත්ව තිබේ.

ඒ අනුව පන්දුවාර 20 පන්දු යවන්නන් අතර දෙවන ස්ථානයේ වනිඳු හසරංග රැදී සිටින අතර, එහි තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර ඔහු රැදී සිටින්නේ 4 වන ස්ථානයේදීය.

මහීෂ් තීක්ෂණ පන්දුවාර 20 පන්දු යවන්නන් අතර පස්වන ස්ථානයේ පසුවේ.

එමෙන්ම, නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි එංගලන්තයේ හැරී බෲක් පළමු තැන සහ ජෝ රූට් දෙවන තැනට පත්ව සිටින අතර, ශ්‍රී ලංකාවේ කමිදු මෙන්ඩිස්ට හිමිව ඇත්තේ 06 වන ස්ථානයයි.

ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් පන්දු යවන්නන් අතර 8 වන ස්ථානයේ රැදී සිටී.

පැතුම් නිශ්ශංක පන්දුවාර 20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 09 වන ස්ථානයේ පසුවන අතර, කුසල් මෙන්ඩිස්ට එහි හිම ව ඇත්තේ 11 වන ස්ථානයයි.

ක්‍රීඩා

IPL ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද

Published

on

By

ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (03) පැවැත්වීමට නියමිතය.

ඒ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතරය.

තරගය අහමදාබාද්හි දී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 07.30ට ආරම්භ වීමට නියමිතය.

දෙවන වරට ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයකට සුදුසුකම් ලැබීමට පංජාබ් කිංග්ස් පිල සමත්ව තිබේ.

ඔවුන් පළමු වරට 2014 වසරේ අවසාන මහා තරගයකට සුදුසුකම් ලැබීමට සමත් වුවත් කොල්කටා නයිට්රයිඩර්ස් පිල හමුවේ පරාජයට පත්වුණි.

රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම 2009, 2011 හා 2016 යන වසරවල දී ඉන්දීය ප්‍රිමියර්ලීග් අවසාන මහා තරගයට සුදුසුකම් ලැබුව ද ඔවුන්ට ශූරතාවය හිමිකර ගැනීමට නොහැකි වුණි.

Continue Reading

ක්‍රීඩා

ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ලංකාවේ හා ඉන්දියාවේදී

Published

on

By

මේ වසරේ ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වෙන දින හා ක්‍රීඩාංගන ප්‍රකාශයට පත් කර තිබේ.

13 වරටත් පැවැත්වෙන මෙම එක්දින ජාත්‍යන්තර තරගාවලියට ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ශ්‍රී ලංකාව, බංගලාදේශය හා පාකිස්තානය යන රටවල් 08ක් එක්වේ.

සැප්තැම්බර් 30දා – නොවැම්බර් 02දා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය, ඉන්දියාවේ හා ලංකාවේ ක්‍රීඩාංගන 05ක පැවැත්වෙනු ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි. එම ක්‍රීඩාංගන වන්නේ බෙංගාලූරූ හි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගනය, ගුහාවතී හි ACA ක්‍රීඩාංගනය, ඉන්දෝර් හි හොල්කාර් ක්‍රීඩාංගනය, විශාඛාපට්නම් හි ACA-VDCA ක්‍රීඩාංගනය හා කොළඔ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයයි.

සමාරම්භක තරගය සැප්තැම්බර් 30දා බෙංගාලූරූ හි දී පැවැත්වීමට නියමිත අතර, පළමු අර්ධ අවසන් පූර්ව තරගය ඔක්තෝබර් 29දා ගුහාවතී හිදී හෝ කොළඹ දී පැවැත්වෙනු ඇත. දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය ඔක්තෝබර් 30දා බෙංගාලූරූ හි දී පැවැත්වීමට නියමිතය.

මෙහි අවසන් මහා තරගය නොවැම්බර් 02දා බෙංගාලූරූ හි දී හෝ කොළඹදී පැවැත්වීමට නියමිතය.

Continue Reading

ක්‍රීඩා

ජාතික තේරීම් කමිටුව පත්කරයි

Published

on

By

ජාතික තේරීම් කමිටුව පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කර තිබේ.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 30 වැනිදා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේදී මෙම පත් කිරීම සිදුකර ඇත.

එහිදී ජාතික තේරීම් කමිටුවේ නව සභාපතිනිය ලෙස ශ්‍රියානි කුලවංශ මහත්මිය පත් කිරීමටද පියවර ගෙන තිබේ.

එම කමිටු නිලධාරීන් පහතින්

01. ශ්‍රියානි කුලවංශ – (සභාපති  – ජාතික ක්‍රිඩා තෙරීම් කමිටුව)
02. මේජර් ජෙනරාල් රවී පතිරවිතාණ  – (ලේකම් – ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව )
03. මේජර් රාජිත සමරසේකර –  (සම්බන්ධීකරණ නිලධාරී – ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව)
04.  කමල්  ගම්ලත් – විශ්‍රාමික (ක්‍රීඩා භාර නිලධාරී  –  ක්‍රීඩා අමාත්‍යංශය )
05. රුවන් පෙරේරා   – (පාසල්  ක්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්ෂ – සසෙක්ස් විදුහල)
06. ජයමිනි ඉලෙපෙරුම – (විශ්‍රාමික බැංකු නිළධාරීනී – හැටන් නැෂනල් බැංකුව )
07. සුරේෂ් සුබ්‍රමනියම් –   (සභාපති – ජාතික ඔලිම්පික් කමිටුව)
08. අනුරාධා ඉලෙපෙරුම –   (අතිරේක ලේකම් – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved