ජුනි මස ආරම්භ කිරීමට නියමිත තිබෙන 2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබේ.
තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග දෙකකට සහභාගී වීමට නියමිතව තිබෙන අතර ඔවුන් නෙදර්ලන්තය සහ අයර්ලන්තයට එරෙහිව තරග වැදීමට නියමිතය.
පුහුණු තරග මැයි 27 සිට ජුනි 01 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකාව සිය පළමු පුහුණු තරගය සඳහා නෙදර්ලන්ත කණ්ඩායම සමඟ මැයි 28 වැනිදා ක්‍රීඩා කිරීමට නියමිතය.
එම තරගයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙවැනි පුහුණු තරගය අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිත අතර එම තරගය මැයි මස 30 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
2024 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ජුනි මස 02 දා ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව පළමු තරගය ක්‍රීඩා කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ජුනි මස 03 වැනිදා දකුණු අප්‍රිකාව සමඟින් නිව්යෝක් හී පැවැත්වේ.