Connect with us

ක්‍රීඩා

LPL අවසන් මහා තරගය අද 

Published

on

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට්  තරගාවලියේ  අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ඊයේ (22) සමත්විය.

 ඒ තරගාවලියේ තෙවැනි අවසන් පූර්ව තරගයෙන් කැන්ඩි ෆැල්කන්ස් පරදා කඩුළු 6 ක ජයක් හිමි කර ගනිමිනි.

එමෙන්ම පසුගිය 21 වැනිදා  කැන්ඩි පිල හා පැවැති තරගයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව ලකුණු 24 ක ජයක් ලබමින්  ජැෆ්නා පිල අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

ඒ අනුව ජැෆ්නා පිල සහ කලම්බු ස්ටාර්ස් පිල අතර වන අවසන් මහා තරගය  අද රාත්‍රී 7.30   කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 

Continue Reading

ක්‍රීඩා

20යි 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය අදින් ඇරඹෙයි

Published

on

By

20/20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය අදින් (03) ආරම්භ වේ.

ඩුබායිහි දී පැවැත්වෙන මෙම තරගාවලිය ලබන 20 වන දින දක්වා පැවැත්විමට නියමිතය.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම “ඒ” කාණ්ඩය යටතේ තරග වැඳීමට නියමිත අතර පාකිස්ථානය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ නවසීලන්තය එම කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද පාකිස්ථාන කණ්ඩායම සමග ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ වීමට නියමිතය.

Continue Reading

ක්‍රීඩා

කොදෙව් පිල ඔක්තෝබරයේදී ලංකාවට

Published

on

By

තරග තුන බැගින් වූ එක්දින ජාත්‍යන්තර තරගාවලියක් හා පන්දුවාර විස්සයි 20 තරගාවලියක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පිල ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුව පන්දුවාර විස්සයි 20 තරග තුන ඔක්තෝබර් 13, 15 හා 17 යන දින වලදී දඹුල්ල ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

මේ අතර, එක්දින ජාත්‍යන්තර තුන ඔක්තෝබර් 20, 23 හා 26 යන දින වලදී මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇත.

Continue Reading

ක්‍රීඩා

කමිඳුගෙන් ලෝක වාර්තාවක්

Published

on

By

පළමු ටෙස්ට් තරග 8දී නොකඩවා වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් (ලකුණු 50 සීමාව පසු කළ) වාර්තා කළ ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් අද (26) වාර්තා අතරට එක්වුණි. 

ඒ අනුව වසර 132ක් පැරණි ටෙස්ට් ඉතිහාසයේ මෙම දස්කම දැක්වූ පළමු ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් සැලකෙයි.

නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී අද පැවැති 02 වැනි ටෙස්ට් තරගයේදී ඔහු මෙම වාර්තාව තැබීය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved