ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ඊයේ (22) සමත්විය.
ඒ තරගාවලියේ තෙවැනි අවසන් පූර්ව තරගයෙන් කැන්ඩි ෆැල්කන්ස් පරදා කඩුළු 6 ක ජයක් හිමි කර ගනිමිනි.
එමෙන්ම පසුගිය 21 වැනිදා කැන්ඩි පිල හා පැවැති තරගයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව ලකුණු 24 ක ජයක් ලබමින් ජැෆ්නා පිල අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
ඒ අනුව ජැෆ්නා පිල සහ කලම්බු ස්ටාර්ස් පිල අතර වන අවසන් මහා තරගය අද රාත්‍රී 7.30 කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.