ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දක්නට ලැබෙන දුර්වල තණතීරු පිළිබඳ කලකිරීමට පත් වූ බව හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා පවසයි.
අවශ්‍ය වන්නේ ක්‍රීඩා ලෝලීන්ව අමන්දානන්දනයට පත්කරන ධනාත්මක හා ආක්‍රමණශීලී තරගයක් ලබාදිය හැකි තණතීරු බවත්, එළඹෙන සුදුසුකම් ලැබීමේ වටවලදී වඩාත් හොඳ තණතීරු දැකිය හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු පවසා තිබේ.