ක්‍රීඩා

SLCය, ජොන්ටි – භාරත් – ඇලෙක්ස් ව ගෙන්නන්න යයි

Published

on

දේශීය පුහුණුකරුවන් හා භෞතචිකිත්සකයින්ගේ කුසලතා සහ නිපුණතා වැඩි දියුණු කිරීමේ අරමුණෙන් උසස් පුහුණුවක් ලබාදීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රකට දක්ෂයින් කිහිප දෙනෙකුගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

මේ අනුව, විශේෂඥ පන්දු රැකීමේ පුහුණුකරුවෙකු වන හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස්, හිටපු ඉන්දීය ජාතික කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු භාරත් අරුන් සහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු භෞතචිකිත්සක ඇලෙක්ස් කොන්ටෝරිගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය 16දා රැස්වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේදීය.

මෙම වැඩසටහන මේ වසරේ ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වේ.

Trending

Exit mobile version