ක්‍රීඩා

SLC ගැන තීන්දුවක් ගන්න හෙට පාර්ලිමේන්තු විවාදයක්

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ ඒකාබද්ධ යෝජනාවක් ගෙන ඒමට අද (08) පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.

එම යෝජනාව හෙට (09) පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන පස්වරුවේ ඡන්දයක් මඟින් සම්මත කර ගැනීමට නියමිතය.

මේ බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මාධ්‍ය වෙත පවසා ඇත.

මේ වනවිට මතුවී ඇති ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම සඳහා සාකච්ඡා කිරීම වෙනුවෙන් පැවැති මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම ‌සඳහා පාර්ලිමේන්තුව අද (08) පස්වරු 1.30ට කල් තැබීමට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පියවර ගත්තේය.

Trending

Exit mobile version