Connect with us

ක්‍රීඩා

SLC වෙතින් පළමු පෙළ ක්‍රීඩකයින් 45දෙනෙකුට වාර්ෂික ගිවිසුම්

Published

on

2025 දේශීය ක්‍රිකට් තරග වාරය සඳහා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින් 45 දෙනෙකුට වාර්ෂික කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කුසලතා ශක්තිමත් කිරීමේ අඛණ්ඩ වැඩසටහනේ කොටසක් ලෙස මෙය ක්‍රියාත්ම කෙරේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් කරන ලද තේරීම් මත පදනම්ව, ගිවිසුම්ගත ක්‍රීඩකයින් A, B, C සහ D යන කාණ්ඩ හතරකට වර්ගීකරණය කර ඇත.

ක්‍රීඩක ලැයිස්තුව මෙසේය : 

ක්‍රීඩා

කොරියාවේදී ලංකාවේ නම බැබලවූ කාලිංග

Published

on

By

දකුණු කොරියාවේ පැවැත්වෙන 26වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී අද (28) පැවති මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේට හිමිවී තිබේ .
තරගය අවසන්කිරීම සඳහා ඔහු තත්. 45.55ක දක්ෂතාවක් දැක්වූ බව සඳහන් වේ .

තත්. 45.33කින් මෙම ඉසව්ව අවසන්කළ කටාර් රාජ්‍යයේ අමර් ඊබ්‍රහිම් විසින් මෙහි රන් පදක්කම දිනාගෙන තිබේ .

එමෙන්ම රිදී පදක්කම ජපානයේ කෙන්ටාරෝ සාටෝ දිනාගත් අතර, ඔහු තත් 45.50කින් තරගය අවසන් කර ඇත .

ඊයේ (27) ආරම්භ වූ මෙම ශූරතාවලිය එළැඹෙන 31වනදා දක්වා දකුණු කොරියාවේ ගුමි හිදී පැවැත්වේ .

1973 වසරේදී ආරම්භ වූ මෙයට දකුණු කොරියාව සත්කාරකත්වය දක්වන තෙවන අවස්ථාව මෙයයි. මීට පෙර 1975 සහ 2005 වර්ෂන්හිදී ඔවුන් සත්කාරකත්වය ලබාදී තිබේ.

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස, රොඩ්නි ගිබ්ස්

Published

on

By

ඉදිරියේදී පැවැත්වෙන ආසියානු රග්බි තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රොඩ්නි ගිබ්ස් පත්කර තිබේ.

අත්දැකීම් බහුල ඔහු, නවසීලන්ත ඕල් බ්ලැක්ස් සත් සාමාජික කණ්ඩායමේ හිටපු සහකාර පුහුණුකරුවෙකු ලෙසද කටයුතු කළ අයෙකි.

ශ්‍රී ලංකාව, දකුණූ කොරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ හොංකොං කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු රග්බි ශූරතාවලිය ලබන මස ආරම්භ වීමට නියමිතය.

එහි පළමු තරගය ජුනි 13 වනදා දකුණු කොරියාවට එරෙහිව පැවැත්වෙන අතර, එම තරගය මෙරටදී පැවැත්වීමටයි නියමිතව ඇත.

2027 රග්බි ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස ආසියානු රග්බි තරගාවලිය පැවැත්වේ.

Continue Reading

ක්‍රීඩා

නව ක්‍රීඩා ඇමති හරීන්ගේ ගැසට්ටුව බල රහිත කරයි

Published

on

By

පසුගිය රජයේ හිටපු ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු විසින් ක්‍රීඩා පනත සංශෝධනය කරමින් නිකුත් කර තිබූ ගැසට් පත්‍රය බල රහිත කර වත්මන් ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා විසින් නැවත වරක් ක්‍රීඩා පනත සංශෝධනය කර තිබේ.

මෙම නව සංශෝධන අනුව හරින් ප්‍රනාන්දු මහතාගේ ගැසට්ටුවෙන් ක්‍රීඩා සංගම්වල නිලධාරීන්ට වසර ගණනක් නිලතල දැරීමට දී තිබූ ඉඩකඩ ඉවත් කර ප්‍රධාන නිලතලවල වසර අටක් කටයුතු කර තිබේ නම් යළි තරග කළ නොහැකි වන ලෙස නීතියක් පනවා ඇත.

එමෙන්ම මෙම නීතිය නිසා වත්මන් ක්‍රිකට් විධායක සභාවේ වැඩි දෙනකුට ද යළි තරග කිරීමට හැකියාව ද නොහැක.

තව ද 2025 නිලවරණය පවත්වා නොමැති ක්‍රීඩා සංගම් සියල්ලටම නව නීතිය අනුව නිලවරණ පැවැත්විය යුතු වීම ද විශේෂත්වයකි.

මූලාශ්‍රය – දිවයින

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved