2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එළි දැක්වීම ඊයේ (10) රාත්‍රියේ සිදු කෙරිණි.
ඒ සඳහා මෙවර අනුග්‍රාහකත්වය ලබා දුන්නේ Moose Clothing ආයතනයයි. එම සමාගමේ ජැඇළ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ජර්සිය එළි දැක්වීමේ උත්සවය පැවැත්විණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන්, මූස් ආයතන නිලධාරීන්, කලාකරුවන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වය සිදුවිය.
ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය ඇතුළු මෙරට උරුමයන් රැසක් ඉස්මතු වන අයුරින් මෙම ජර්සිය නිර්මාණය කර ඇත. මෙරට ජාතික පුෂ්පය වන නිල් මානෙල් මල, ආරක්කු නවයේ පාලම හෙවත් ‘Nine Arches Bridge’, හබරන ‘අලි එකතුව’, සඳකඩ පහණ, ජාතික කොඩියට අන්තර්ගත සිංහරුව ආදී සංකේත රැසක් ඊට අන්තර්ගත කර ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේදී ඩී කාණ්ඩයෙන් තරග කරයි.
ඔවුන් සහභාගී වන පළමු තරගය ලබන මස 3 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව අමෙරිකාවේ නිව්යෝර්ක්හිදී පැවැත්වීමට නියමිතයි.