Uncategorized

පිටරට ගල්වී ඇති සල්ලිවලට බදු ගහන්න යයි!

Published

on

ඇතැම් අපනයන සමාගම් විදේශීය රටවල රඳවාගෙන ඇතැයි කියන ඇමෙරිකානු ඩොලර් බිලියන පනස් තුනක මුදලට අදාළ බදු අයකර ගැනීම සඳහා නීති සැකසීමට තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතානායකවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

අපනයන ව්‍යාපාරවල යෙදී සිටින පුද්ගලයින්, සමාගම් සහ විවිධ වෘත්තිකයින් විසින් උපයන ආදායම් සඳහා රජයට ගෙවිය යුතු බදු නොගෙවා වංචා කරන බවට පැමිණිලි ලැබී ඇති බව පෙන්වමින් මන්ත්‍රීවරු කතානායකවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇත.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා විවිධ බදු උපදේශක සමාගම් සහ උපදේශකවරු රජයට ගෙවිය යුතු බදු වංචා කිරීම දිරිගන්වන ආකාරයේ ව්‍යාජ බදු වාර්තා සකස් කරන බවට පාර්ලිමේන්තුවේදී බරපතල චෝදනාවක් එල්ල කළේය.  

එම නිසා පවතින ආර්ථික අර්බුදය ගැන සලකා බලා කඩිනමින් අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස මන්ත්‍රීවරු පිරිසක් ඉල්ලා සිටි බව ඔහු වැඩිදුරටත් එහිදී කීය.

Trending

Exit mobile version