Connect with us

විදෙස්

එක්සත් ජාතීන්ගේ මහලේකම්ගෙන් විශේෂ ඉල්ලීමක්

Published

on

ඉදිරි සති කිහිපය තුළ මරණයට පත් වීමේ අවධානම හේතුවෙන් ළමුන් 2,500 ක් හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගාසා තීරයෙන් වහාම ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඉල්ලා ඇති බව වාර්තා වේ.

ඒ අනුව ගාසා තිරයේ ස්වේච්ජා වෙන් සේවය කළ කැලිෆෝනියාවේ කම්පන ශල්‍ය වෛද්‍ය ෆෙරෝස් සිද්වා, ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාල රෝහලේ හදිසි වෛද්‍යවරියක් වන අයේෂා ඛාන්, චිකාගෝ හි හදිසි වෛද්‍යවරයකු වන තායර් අහමඩ් හා ඇතුළු තවත් වෛද්‍යවරයකු සමඟ කරන ලද සාකච්ජා හේතුවෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මෙලෙස නිවේදනය කර තිබු අතර මෙහිදී වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබුණේ, මාර්ගෝපදේශ සහිත වෛද්‍ය ඉවත් කිරීම් සඳහා මධ්‍යගත ක්‍රියාවලියක් සඳහා ඔවුන් පෙනී සිටින බවයි.

ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කාමීන් හමාස් සංවිධනය අතර අමාස 15ක් පුරා පැවති යුද්ධය හේතුවෙන් මිලියන 2කට අධික ජනතාවකගේ භූමි ප්‍රදේශය සහ එහි සෞඛ්‍ය සේවා පද්ධතිය විනාශ වී ඇති අතර ජනවාරි 19 වන දින සටන් විරාමයක් ආරම්භ වීමට දින කිහිපයකට පෙර, ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් අතර ළමුන් 2,500 ක් සිටින බවත් ඔවුන් ප්‍රතිකාර සඳහා හැකි ඉක්මනින් පහසුකම් සහිත රෝහල් වෙත ගෙන යා යුතු බවත්ය.

 නමුත් මේ සඳහා කිසිදු ක්‍රියාවලියක් මෙතෙක් සම්පාදනය වී නොමැත.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

විදෙස්

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට යළි අවසර

Published

on

By

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරුබදු නියෝග යළි තාවකාලිකව බලාත්මක කිරීමට එරට ෆෙඩරල් අභියාචනාධිකරණයෙන් ඊයේ (29) අවසර හිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව මෙම හදිසි බලතල නීතිය යටතේ තීරුබදු එකතුකිරීම තවදුරටත් සිදුකරගෙන යාමට ට්‍රම්ප් පරිපාලනයට අවසර හිමිවිය.

මෙම බදු ප්‍රතිත්තිය අත්හිටුවීමේ නියෝගයක් අමෙරිකානු වාණිජ අධිකරණයක් විසින් ඊයේ (29) නිකුත්කර තිබුණි.

මෙම නියෝගය ලබාදෙමින් වාණිජ අධිකරණය සඳහන් කළේ, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමග වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී බලයක් ලබා දී ඇති බවයි.

ඒ හේතුවෙන් එක්සත් ජනපද ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ හදිසි බලතල මගින් එම බලය ඉක්මවා යා නොහැකි බවය.

ධවල මන්දිරය විසින් ක්‍රියාත්මක කරන ලද හදිසි නීතියක් මගින් ජනාධිපතිවරයාට සෑම රටකටම පාහේ තීරුබදු පැනවීමට ඒකපාර්ශ්වික බලයක් ලබා නොදෙන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් වැඩිදුරටත් තීන්දුකර තිබුණි.

කෙසේ වෙතත් ට්‍රම්ප් පරිපාලනය විසින් එම නියෝගය ඉදිරිපත්කර විනාඩි කිහිපයක් ඇතුළත එරට ෆෙඩරල් අභියාචනාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කර ඇත.

Continue Reading

විදෙස්

ට්‍රම්ප්ගේ බදු පැනවීම අධිකරණයෙන් අත්හිටුවයි

Published

on

By

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවා තිබේ.

ඊයේ (28) දිනයේ ලබාදුන් මෙම නියෝගය ඔහුගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි පහරදීමක් බව සඳහන් වේ.

මෑන්හැටන්හි පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙමින් සඳහන් කර ඇත්තේ, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමඟ වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී බලයක් ලබා දී ඇති බවත්, එක්සත් ජනපද ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ හදිසි බලතල මගින් එම බලය ඉක්මවා යා නොහැකි බවත්ය.

ධවල මන්දිරය විසින් ක්‍රියාත්මක කරන ලද හදිසි නීතියක් මගින් ජනාධිපතිවරයාට සෑම රටකටම පාහේ තීරුබදු පැනවීමට ඒකපාර්ශ්වික බලයක් ලබා නොදෙන බව ද ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් වැඩිදුරටත් තීන්දු කර ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් ට්‍රම්ප් පරිපාලනය විසින් අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved