Connect with us

විදෙස්

ඒරෝ ඉන්ඩියා 2023 ගුවන් ප්‍රදර්ශනය අගමැති මෝදි අතින් විවෘත වේ

Published

on

ආසියාවේ විශාලතම ගුවන් දැක්ම සහ ප්‍රදර්ශනය වන ඒරෝ ඉන්ඩියා 2023 ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා අතින් 2023 පෙබරවාරි 13 වන දින බෙංගලාරු හිදි විවෘත විය.

මෙවර මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 14 වන වරට වන අතර එය 2023 පෙබරවාරි 13-17 දිනයන් හිදි පැවැත්වෙනු ඇත. මෙම ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ‘Make in India, Make for the World’ යන දැක්ම සාක්ෂාත් කර ගැනීම සහ ආරක්ෂක ක්ෂේත්‍රය තුළ ස්වයං යැපීම තහවුරු කිරීම සඳහා ආරක්ෂක කර්මාන්තය තුළ ගුවන් අවකාශයේ වර්ධනය වන ඉන්දියානු ශක්තිය ලොව හමුවේ ප්‍රදර්ශනය කරනු ඇත. ගුවන් දැක්ම ඉන්දියාවේ සහ විදේශ රටවල් රැසක අති නවීන ගුවන් යානා ප්‍රදර්ශනය කරනු ඇත.

ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා ගුවන් දැක්මට සමගාමීව 2023 පෙබරවාරි 14 වන දින ආරක්ෂක ක්ෂේත්‍රයේ වඩා ශක්තිමත් අන්තර්ක්‍රියා තුළින් පොදු සෞභාග්‍යය (Shared Prosperity through Enhanced Engagements in Defence – SPEED) යන මැයෙන් ආරක්ෂක අමාත්‍යවරුන්ගේ පර්ෂදය පැවැත්වූ අතර ඒ සඳහා ඒරෝ ඉන්ඩියා 2023 සඳහා සහභාගී වන මිත්‍රශීලී රටවල ආරක්ෂක අමාත්‍යවරු සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඒරෝ ඉන්ඩියා 2023 ප්‍රදර්ශනයට සහ SPEED ආරක්ෂක අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගී විය. වඩා ශක්තිමත් සහයෝගයක් ඇති කරගත හැකි ආකාර හඳුනාගැනීම සඳහා ව්‍යාපාරික නියෝජිත පිරිසක් ද අමාත්‍යවරයා සමඟ මෙම ප්‍රදර්ශනයට සහභාගී විය. මෙම “ආසියානු සියවස” තුළ අපගේ භූ ගෝලීය මායිම් වලින් ඔබ්බට අවධානය යොමු කරමින් තිරසාර සංවර්ධනය උදෙසා පර්යේෂණ සහ සංවර්ධන කාර්යයන් සහ කර්මාන්තය සඳහා ආයෝජන ඉහළ නංවන අතර බද්ධ ව්‍යාපාර, සහ-සංවර්ධනය සහ නිෂ්පාදනය හරහා ඒරෝ ඉන්ඩියා වැනි වේදිකාවන් තුළින් ආරක්ෂක සහයෝගීතාවය ඉහළ නැංවීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය මෙම අවස්ථාවේ අදහස් දක්වමින් අමාත්‍යතුමා පෙන්වා දුන්නේය. ඉන්දියානු සාගර කලාපයේ පොදු ආරක්ෂක අභියෝගයන්ට මුහුණ දීමේ දී කොළඹ ආරක්ෂක පර්ෂදය වැනි බහුපාර්ශවීය ප්‍රයත්නයන් හරහා ගන්නා සමූහ ප්‍රතිචාරයන් හි වැදගත්කම ද අමාත්‍යතුමා අවධාරණය කළේය. මෙම සංචාරය අතරතුර එතුමා ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාට අමතරව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීතුමා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ද හමු විය.

ශ්‍රී ලංකා හමුදාවන් විසින් ඉන්ද්‍රා රේඩාර්, ගැඹුරු මුහුද නිරීක්ෂණ යාත්‍රා සහ හමුදා පුහුණු සිමියුලේටර වැනි ඉන්දියානු ආරක්ෂක උපකරණ රැසක් සාර්ථකව මෙහෙයවනු ලැබේ. ඉන්දියාවේ ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ සහ කලාපයේ සැමට වර්ධනය සහ ආරක්ෂාව (Security and Growth for All in the Region – SAGAR) යන ප්‍රතිපත්තිය අනුව ශ්‍රී ලංකා හමුදාවන්ගේ ධාරිතා සංවර්ධනය සහතික කරමින් ඉන්දියාව විසින් පාවෙන තටාකයක්, සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් සහ ඩෝනියර් ගුවන් යානයක් ලබා දීමට මෑත කාලයේදී එකඟ වී ඇත.

විදෙස්

“දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟයි” – ට්‍රම්ප්

Published

on

By

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය අවශ්‍ය කොන්දේසිවලට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ යෝජිත දින 60ක සටන් විරාමය අතරතුර, යුද්ධය අවසන් කිරීම සඳහා සියලු පාර්ශවයන් සමඟ කටයුතු කරන බව ඔහු පවසා ඇති බවය.

කෙසේවෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් කොන්දේසි මොනවාද යන්න විස්තර නොකර සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා ඇත.

සටන් විරාමය සඳහා මැදිහත් වූ කටාර් සහ ඊජිප්තුව මෙම අවසාන යෝජනාව ඉදිරිපත් කරනු ඇති බව විදෙස් වාර්තා පවසයි.

හමාස් සංවිධානය මෙම යෝජනා පිළිගැනීම යහපත් ප්‍රවනතාවක් බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත.

Continue Reading

විදෙස්

තායි අගමැතිනියගේ ධූරය අත්හිටුවයි!

Published

on

By

කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමග කළ දුරකතන සංවාදයක් හේතුවෙන් ඉල්ලා අස්වන ලෙසට දැඩි බලපෑමකට ලක්වුණු තායිලන්ත අගමැතිනී පේටොංටාර්න් ෂිනවාත්‍රාගේ ධූරය අත්හිටුවා ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.

පේටොංටාර්න් ෂිනවාත්‍රා, කාම්බෝජ හිටපු නායක හුන් ට ඉතා ලෙංගතුව, හිතවත්කමින්, ‘අංකල්’ යනුවෙන් ආමන්ත්‍රණය කරමින්, තායිලන්තය සහ කාම්බෝජය අතරේ හටගෙන ඇති දේශසීමා අර්බුදය විසඳීමට මැදිහත් වෙන්නැයි කරන ඉල්ලීම ඒම දුරකතන සංවාදයට ඇතුළත් වෙයි.

එම දුරකතන සන්වාදයේ දී, තායිලන්ත අගමැතිනිය, තායි හමුදා ප්‍රධානීන් විවේචනය කරන අතර, ඇගේ සන්ධාන රජයේ හවුල්කාර පක්ෂ හෑල්ලු කරමින් කතා කරයි. මෙම දුරකතන සන්වාද හඬ පටය ප්‍රසිද්ධියට පත් වෙද්දී, අගමැතිනී පේටොංටාර්න්ගේ සන්ධාන රජය ද දෙදරා ගියේය. ජනතා විරෝධයක් ද ඉස්මතු විය.

ඉන්පසු අග්‍රාමාත්‍යවරිය සේවයෙන් පහ කරන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කෙරුණු අතර එය  මේ වනවිට අධිකරණය තුළ විභාග වෙමින් පවතී.

ඒ අනුව, පසුගිය දශක දෙකක කාලය තුළ තායි දේශපාලනයේ ආධිපත්‍යය දැරූ බලවත් ෂිනවාත්‍රා පරම්පරාවේ – ඔවුන්ගේ ධූර කාලය සම්පූර්ණ කිරීමට පෙර බලය අහිමි වන තුන් වන දේශපාලනඥයා පේටොංටාර්න් වීමට ඉඩ ඇත. පේටොංටාර්න්, යනු තාක්ෂින් ෂිනවාත්‍රාගේ දියණියයි.

අග්‍රාමාත්‍යවරිය සේවයෙන් පහ කිරීම සඳහා වන නඩුව සලකා බලන අතරතුරේ ඇගේ සේවය අත්හිටුවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ විනිසුරුවරුන් 7න් 2ක් ඡන්දය ප්‍රකාශ කළ අතර, ඇයට නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට දින 15 ක් හිමිවී ඇතැයි ද පැවැසෙයි.

Continue Reading

විදෙස්

ඉන්දියාවේ කම්හලක ඇති වූ ගින්නෙන් 34කට දිවි අහිමිවේ

Published

on

By

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ ඖෂධ කම්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 34 දෙනෙක් මියගොස් තිබේ.

මළ සිරුරු 31 ක් පමණ සුන්බුන් වලින් ගොඩගෙන ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී තිදෙනෙකු රෝහලේදී මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිපිරීමත් සමග මෙම ගින්න හටගන්නා අවස්ථාවේ එම ගොඩනැගිල්ලේ පුද්ගලයින් 60 දෙනෙකු සිට ඇති බව සඳහන්ය.

ගින්නෙන් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව ඉන්දීය බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved