Connect with us

විදෙස්

ගුවන් අනතුරින් දිවි අහිමිවූවන්ගේ සිරුරු 18ක් සොයාගනී ( Update )

Published

on

අමෙරිකානු මගී ප්‍රවාහන ගුවන් යානයක් සහ යුද්ධ හමුදාවේ බ්ලැක්හෝක් හෙලිකොප්ටර් යානයක් උඩුගුවනේ දී එකිනෙක ගැටී සිදු වූ අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ  පුද්ගලයින් 18 දෙනකුගේ සිරුරු සොයාගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් පසුව ගුවන් යානය සහ හෙලිකොප්ටර් යානය වොෂිංටන් ඩී.සී.හි පොටොමැක් ගංගාවට ඇදවැටී ඇති බවය.

අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී අගනුවර ආසන්නයේ දී ගුවන්යානයක් සහ යුද්ධ හමුදාවට අයත් බ්ලැක්හෝක් වර්ගයේ හෙලිකොප්ටර් යානයක් උඩුගුවනේ දී එකිනෙක ගැටී අනතුරට ලක්ව තිබෙනවා.

විදෙස් මාධ්‍යවලට අනුව මෙලෙස අනතුරට ලක්ව තිබුණේ රේගන් ජාතික ගුවන්තොටුපොළට ගොඩබාමින් සිටි අමෙරිකන් ගුවන් සේවාවට අයත් මගී ප්‍රවාහන ගුවන්යානයකි.

අනතුරින් පසුව දෙකඩවූ ගුවන්යානය සහ, උඩුකුරුවූ හෙලිකොප්ටරය ගංගා ජලය මතට ඇදවැටී තිබුණි.

අමෙරිකානු බලධාරීන් පවසන්නේ කැන්සාස් හි සිට පැමිණි ගුවන් යානයේ මගීන් 60 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 64 දෙනෙක් සිට ඇති අතර, බ්ලැක්හෝව්ක් හෙලිකොප්ටරයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක් ගමන් කරමින් සිටි බවය.

රාත්‍රී අඳුර සහ කලාපයේ පවතින දැඩි ශීතල හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් අසීරු වී තිබේ.

මේ අතර පවතින හදිසි අවදානම සලකා රේගන් ජාතික ගුවන්තොටුපොළ කටයුතු තාවකාලිකව මුළුමනින්ම අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.


(පෙර පුව​ත: 2025 ජනවාරි 30, ප.ව.12:36)

ගුවන්යානයක් හෙලිකොප්ටරයක ගැටී අනතුරක්

අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී අගනුවර ගුවනේ දී මගී ප්‍රවාහන ගුවන්යානයක් සහ යුද්ධ හමුදාවට අයත් බ්ලැක්හෝක් වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගැටී අනතුරක් සිදුව තිබේ.

එහිදී යානා දෙකම අසල පිහිටි පොටොමැක් ගංගාවට ඇදවැටී ඇති බව වාර්තා වේ.

කැන්සාස් හි සිට පැමිණි මෙම යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ මගීන් 64 දෙනෙක් ගමන් කර ඇති බව අමෙරිකානු බලධාරීන් පවසයි.

එමෙන්ම අනතුරට ලක්වූ බ්ලැක්හෝව්ක් යානය තුළ නිලධාරීන් තිදෙනෙක් සිටි බව සඳහන් වේ.

විදෙස් මාධ්‍යවලට අනුව මෙලෙස අනතුරට ලක්ව තිබුණේ රේගන් ජාතික ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට උත්සාහ කරමින් පැවති අමෙරිකන් ගුවන් සේවාවට අයත් මගී ප්‍රවාහන ගුවන්යානයකි.

විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත.

මේ අතර පවතින හදිසි අවදානම සලකා රේගන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කටයුතු තාවකාලිකව මුළුමනින්ම අත්හිටුවා තිබේ.

විදෙස්

“දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟයි” – ට්‍රම්ප්

Published

on

By

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය අවශ්‍ය කොන්දේසිවලට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ යෝජිත දින 60ක සටන් විරාමය අතරතුර, යුද්ධය අවසන් කිරීම සඳහා සියලු පාර්ශවයන් සමඟ කටයුතු කරන බව ඔහු පවසා ඇති බවය.

කෙසේවෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් කොන්දේසි මොනවාද යන්න විස්තර නොකර සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා ඇත.

සටන් විරාමය සඳහා මැදිහත් වූ කටාර් සහ ඊජිප්තුව මෙම අවසාන යෝජනාව ඉදිරිපත් කරනු ඇති බව විදෙස් වාර්තා පවසයි.

හමාස් සංවිධානය මෙම යෝජනා පිළිගැනීම යහපත් ප්‍රවනතාවක් බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත.

Continue Reading

විදෙස්

තායි අගමැතිනියගේ ධූරය අත්හිටුවයි!

Published

on

By

කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමග කළ දුරකතන සංවාදයක් හේතුවෙන් ඉල්ලා අස්වන ලෙසට දැඩි බලපෑමකට ලක්වුණු තායිලන්ත අගමැතිනී පේටොංටාර්න් ෂිනවාත්‍රාගේ ධූරය අත්හිටුවා ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.

පේටොංටාර්න් ෂිනවාත්‍රා, කාම්බෝජ හිටපු නායක හුන් ට ඉතා ලෙංගතුව, හිතවත්කමින්, ‘අංකල්’ යනුවෙන් ආමන්ත්‍රණය කරමින්, තායිලන්තය සහ කාම්බෝජය අතරේ හටගෙන ඇති දේශසීමා අර්බුදය විසඳීමට මැදිහත් වෙන්නැයි කරන ඉල්ලීම ඒම දුරකතන සංවාදයට ඇතුළත් වෙයි.

එම දුරකතන සන්වාදයේ දී, තායිලන්ත අගමැතිනිය, තායි හමුදා ප්‍රධානීන් විවේචනය කරන අතර, ඇගේ සන්ධාන රජයේ හවුල්කාර පක්ෂ හෑල්ලු කරමින් කතා කරයි. මෙම දුරකතන සන්වාද හඬ පටය ප්‍රසිද්ධියට පත් වෙද්දී, අගමැතිනී පේටොංටාර්න්ගේ සන්ධාන රජය ද දෙදරා ගියේය. ජනතා විරෝධයක් ද ඉස්මතු විය.

ඉන්පසු අග්‍රාමාත්‍යවරිය සේවයෙන් පහ කරන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කෙරුණු අතර එය  මේ වනවිට අධිකරණය තුළ විභාග වෙමින් පවතී.

ඒ අනුව, පසුගිය දශක දෙකක කාලය තුළ තායි දේශපාලනයේ ආධිපත්‍යය දැරූ බලවත් ෂිනවාත්‍රා පරම්පරාවේ – ඔවුන්ගේ ධූර කාලය සම්පූර්ණ කිරීමට පෙර බලය අහිමි වන තුන් වන දේශපාලනඥයා පේටොංටාර්න් වීමට ඉඩ ඇත. පේටොංටාර්න්, යනු තාක්ෂින් ෂිනවාත්‍රාගේ දියණියයි.

අග්‍රාමාත්‍යවරිය සේවයෙන් පහ කිරීම සඳහා වන නඩුව සලකා බලන අතරතුරේ ඇගේ සේවය අත්හිටුවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ විනිසුරුවරුන් 7න් 2ක් ඡන්දය ප්‍රකාශ කළ අතර, ඇයට නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට දින 15 ක් හිමිවී ඇතැයි ද පැවැසෙයි.

Continue Reading

විදෙස්

ඉන්දියාවේ කම්හලක ඇති වූ ගින්නෙන් 34කට දිවි අහිමිවේ

Published

on

By

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ ඖෂධ කම්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 34 දෙනෙක් මියගොස් තිබේ.

මළ සිරුරු 31 ක් පමණ සුන්බුන් වලින් ගොඩගෙන ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී තිදෙනෙකු රෝහලේදී මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිපිරීමත් සමග මෙම ගින්න හටගන්නා අවස්ථාවේ එම ගොඩනැගිල්ලේ පුද්ගලයින් 60 දෙනෙකු සිට ඇති බව සඳහන්ය.

ගින්නෙන් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව ඉන්දීය බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved