Connect with us

විදෙස්

ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක්?

Published

on

MPOX වෛරසය ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබේ.
මධ්‍යම සහ නැගෙනහිර අප්‍රිකාවේ පැතිර යන MPOX වෛරසය පිළිබඳ ලෝකයම අවධානය යොමු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනු ලබයි.

වෛරසය ලොවපුරා පැතිරීම වැළැක්වීමට ජාත්‍යන්තර සම්බන්ධීකරණ වැඩපිළිවෙළක් අවශ්‍ය බව ලෝක එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනොර්ම් පවසයි.

අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි, ඊයේ අප්‍රිකාව තුළ මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කළේ ය.

වසරේ මේ දක්වා කාලය තුළ අප්‍රිකානු කලාපයෙන් එම් පොක්ස් ආසාදිතයින්, 15,000කට වැඩි පිරිසක් සොයා ගෙන ඇති අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 461 කි.

1970 දශකයේදී ලොව පළමු එම් පොක්ස් අසදිතයා වාර්තා වූයේ කොංගෝ ජනරජයෙනි.

එම් පොක්ස් හෙවත් මන්කි පොක්ස් සතුන්ගෙන් මිනිසුන්ට බෝවන වෛරසයකි.

එය සමීප සම්බන්ධතා හරහා මිනිසුන් අතර ව්‍යාප්ත වේ.

උණ, මාංශ පේශි වේදනාව සහ ශරීරය පුරා ගැටිති වැනි තුවාල ඇතිවීම වෛරසයේ ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස සැලකේ.

ප්‍රතිකාර නොකළහොත්, එම් පොක්ස් වෛරසය මාරාන්තික විය හැකි ය.

2022 වසරේදී එම් පොක්ස් වෛරසයේ එක් ප්‍රභේදයක් ඕස්ට්‍රේලියාව, අමෙරිකාව සහ යුරෝපය ඇතුළු කලාපවලට පැතිරී ගියහ.

2022 වසරේ මුල සිට මේ දක්වා ලොව පුරා වාර්තා වී ඇති අදාළ එම් පොක්ස් ප්‍රභේදයේ ආසාදිතයින් සංඛ්‍යාව 10,000කට ආසන්නය.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

විදෙස්

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට යළි අවසර

Published

on

By

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරුබදු නියෝග යළි තාවකාලිකව බලාත්මක කිරීමට එරට ෆෙඩරල් අභියාචනාධිකරණයෙන් ඊයේ (29) අවසර හිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව මෙම හදිසි බලතල නීතිය යටතේ තීරුබදු එකතුකිරීම තවදුරටත් සිදුකරගෙන යාමට ට්‍රම්ප් පරිපාලනයට අවසර හිමිවිය.

මෙම බදු ප්‍රතිත්තිය අත්හිටුවීමේ නියෝගයක් අමෙරිකානු වාණිජ අධිකරණයක් විසින් ඊයේ (29) නිකුත්කර තිබුණි.

මෙම නියෝගය ලබාදෙමින් වාණිජ අධිකරණය සඳහන් කළේ, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමග වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී බලයක් ලබා දී ඇති බවයි.

ඒ හේතුවෙන් එක්සත් ජනපද ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ හදිසි බලතල මගින් එම බලය ඉක්මවා යා නොහැකි බවය.

ධවල මන්දිරය විසින් ක්‍රියාත්මක කරන ලද හදිසි නීතියක් මගින් ජනාධිපතිවරයාට සෑම රටකටම පාහේ තීරුබදු පැනවීමට ඒකපාර්ශ්වික බලයක් ලබා නොදෙන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් වැඩිදුරටත් තීන්දුකර තිබුණි.

කෙසේ වෙතත් ට්‍රම්ප් පරිපාලනය විසින් එම නියෝගය ඉදිරිපත්කර විනාඩි කිහිපයක් ඇතුළත එරට ෆෙඩරල් අභියාචනාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කර ඇත.

Continue Reading

විදෙස්

ට්‍රම්ප්ගේ බදු පැනවීම අධිකරණයෙන් අත්හිටුවයි

Published

on

By

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවා තිබේ.

ඊයේ (28) දිනයේ ලබාදුන් මෙම නියෝගය ඔහුගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි පහරදීමක් බව සඳහන් වේ.

මෑන්හැටන්හි පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙමින් සඳහන් කර ඇත්තේ, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමඟ වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී බලයක් ලබා දී ඇති බවත්, එක්සත් ජනපද ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ හදිසි බලතල මගින් එම බලය ඉක්මවා යා නොහැකි බවත්ය.

ධවල මන්දිරය විසින් ක්‍රියාත්මක කරන ලද හදිසි නීතියක් මගින් ජනාධිපතිවරයාට සෑම රටකටම පාහේ තීරුබදු පැනවීමට ඒකපාර්ශ්වික බලයක් ලබා නොදෙන බව ද ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් වැඩිදුරටත් තීන්දු කර ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් ට්‍රම්ප් පරිපාලනය විසින් අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved