Connect with us

විදෙස්

ට්‍රම්ප්ගේ දිවුරුම්දීම අද

Published

on

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම අද සිදු කෙරේ. පසුගිය වසරේ නොවැම්බරයේ පැවති ඇමෙරිකානු ජනපතිවරණයෙන් ඡන්ද විද්‍යාල 312ක බලය හිමිකර ගනිමින් ඔහු ජනපතිවරයා ලෙස තේරී පත්විය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමග ඇමෙරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා ලෙස ඔහු ඉතිහාසගත විය. 1946 ජූනි 14දා උපත ලැබූ ඔහු, මේ වන විට 78 වන වියේ පසුවෙයි. දෙවන ධුර කාලය අවසන් වන විට ඔහුගේ වයස අවුරුදු 83ක් වනු ඇත. හිටපු ජනාධිපති ජෝ බයිඩ්න් 2020 වසරේ ධුරයට පත් වන විට 77 වැනි වියේ පසු විය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උත්සවය පවතින ශීත අධික කාලගුණික තත්ත්වය හේතුවෙන් එක්සත් ජනපද කැපිටල් හි ගෘහස්ථව සිදුකිරීමට කටයුතු යොදා තිබේ. ඒ සඳහා තමා උපදෙස් ලබා දුන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිවේදනය කර තිබිණි. එරට කාලගුණ ඒජන්සිය විසින් උෂ්ණත්වය දරුණු ලෙස අඩුවිය හැකි බවට කරන ලද පූර්ව අනතුරු ඇඟවීමකට අනුව ට්‍රම්ප් මේ බව සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් වැඩිදුරටත් කියා තිබුණේ කිසිම ආකාරයකින් මිනිසුන්ට රිදවීම හෝ තුවාල වීම දැකීමට තමාට අවශ්‍ය නොමැති බවයි. මීට පෙර 1985 දී රොනල්ඩ් රේගන් භාවිත කළ පරිදි මේ කටයුතු ගෘහස්ථව සිදු කෙරෙනු ඇත.

එරට වේලාවෙන් දහවල් 12.00 ට ඇමෙරිකානු අගවිනිසුරු ජෝන් රොබට් මහතා ඉදිරියේ මෙම දිව්රුම් දීම සිදු කෙරේ. දිව්රුම් දීමෙන් අනතුරුව නව ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිතය. ඉන් පසුව ජනාධිපති ට්‍රම්ප් මහතා නිල වශයෙන් ලේඛනයකට අත්සන් තබයි.

ජනාධිපතිවරයා දිවුරුම් දුන් පසුව ඇමෙරිකානු උප ජනාධිපතිවරයා ලෙස ජේ.ඩී. වාන්ස් මහතා ද දිව්රුම් දෙයි. වාන්ස් මහතා ඇමෙරිකාවේ 50 වැනි උප ජනාධිපතිවරයාය.

2015 වසරේදී ට්‍රම්ප් සිය දේශපාලන දිවිය ආරම්භ කළේ ට්‍රම්ප් කුලුනෙහි පැවති මාධ්‍ය හමුවකදී ධවල මන්දිරයට තරග කරන බව නිවේදනය කරමිනි. ඔහුගේ ආදර්ශ පාඨය වූයේ ‘ඇමෙරිකාව යළිත් ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීම’ය.

මතභේදාත්මක අසීරු මැතිවරණ ව්‍යාපාරයකින් පසු ඩිමොක්‍රටික් අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන් පරාජය කරමින් ට්‍රම්ප් 2017 වසරේදී ඇමෙරිකාවේ 45 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. මේ අතර නව ජනපතිට එරෙහිව පසුගිය දිනවල වොෂින්ටන් නගරයේ උද්ඝෝෂණ ද පැවැත්විණි.

විදෙස්

ආර්ජන්ටිනා ජනපතිට  දූෂණ චෝදනා

Published

on

By

ආර්ජන්ටිනා ජනාධිපති Javier Milei සමාජ මාධ්‍ය භාවිතා කරමින් ක්‍රිප්ටෝ කරන්සි ප්‍රවර්ධනය කළ බවට දූෂණ චෝදනා එල්ල වී තිබෙන බව වාර්තා වේ. ඒ හේතුවෙන් ජනාධිපතිවරයා වංචාවකට සම්බන්ධ බව විපක්ෂය චෝදනා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් සඳහන් කරන්නේ, ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු කරන බවයි එමෙන්ම ජනාධිපතිවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බව ද විපක්ෂය පවසයි.

නීතිඥවරුන් කණ්ඩායමක් කටයුතු කර ඇත්තේ, ජනාධිපතිවරයාට එරෙහිව එරට අපරාධ අධිකරණයේ චෝදනා ගොනුකිරීමටයි.

Continue Reading

පුවත්

කැනඩාවේ ගුවන් යානයක් පෙරලී 18කට තුවාල වෙයි!

Published

on

By

කැනඩාවේදී ගුවන් යානයක් පෙරළී සිදුවූ අනතුරක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 80 දෙනෙකු රැගත් ගුවන් යානය ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබස්වන අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව එම වාර්තාවල දැක්වේ.

අනතුරින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් තුන් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව කැනේඩියානු බලධාරීන් පවසයි.

එලෙස අනතුරට ලක්ව ඇත්තේ, අමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ සිට පැමිණි ඩෙල්ටා ගුවන් ගමන් සමාගමට අයත් යානයකි.

අනතුරින් පසු යානය ගිනි ගැනීමකට ලක්ව ඇති නමුත්, ගිනි නිවන භටයින් වහාම එය නිවා දැමීමට කටයුතු කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් විය.

ගුවන් යානය සම්පුර්ණයෙන් උඩු යටිකුරු කරමින් සිදුව ඇති එම අනතුරින් පසු පැය දෙකක පමණ කාලයක් ගුවන්තොටුපොළ වසා තැබීමට බලධාරීන් කටයුතු කර තිබේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

ගුවන්තොටුපොළ අවට දැඩි සුළං සහ හිම පතනයක් වාර්තා වන බව විදෙස් වාර්තාවල සඳහන් විය.

Continue Reading

පුවත්

නවදිල්ලි දුම්රියපලේ තෙරපී 18ක් මරු දකියි!

Published

on

By

ඉන්දියාවේ නවදිල්ලි දුම්රිය ස්ථානයේ ඇති වූ තෙරපුමකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ.

සිද්ධියෙන් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රයාග්‍රාජ් හී මහා කුම්භමේලා උත්සවය සඳහා දුම්රියවලට නැගීමට උත්සාහ කළ මගීන්ගේ හදිසි තදබදය මීට හේතුව බවද එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved