Connect with us

විදෙස්

ට්‍රම්ප්ගේ මතයට ග්‍රීන්ලන්තයෙන් ප්‍රතිචාර

Published

on

අමෙරිකාව සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍ය මියූ ඇගීඩ් පවසයි.

ඩෙන්මාකයේ කෝපන්හේගන් අගනුවරදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය සමග සාකච්ඡා ආරම්භ කිරීමට සිය ආන්ඩුව සූදානම් බවයි.

තවත් නොබෝ දිනකින් අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස පත්වීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් ග්‍රීන්ලන්ත දූපත මිලදී ගන්නා බවට මීට පෙර ප්‍රකාශ කළේ ය.

නමුත් ග්‍රීන්ලන්තයෙන් සහ ඩෙන්මාකයෙන් මුලින් ඊට එල්ල වූයේ දැඩි විරෝධයකි.

ග්‍රීන්ලන්තය පාර්ලිමේන්තුවක් හරහා පාලනය වුවද එය ඩෙන්මාර්ක රාජධානියේ කොටසක් ලෙස සැලකේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ ඩෙන්මාර්කයට එරෙහිව මිලිටරි සහ ආර්ථික ක්‍රියාමාර්ග භාවිතා කොට හෝ ග්‍රීන්ලන්තය අමෙරිකාවේ කොටසක් බවට පත් කරගන්නා බවයි.

ට්‍රම්ප් ගේ එම අනතුරු ඇඟවීම් හමුවේ ග්‍රීන්ලන්ත සහ ඩෙන්මාක රාජ්‍ය නායකයින් කෝපන්හේගන් අගනුවරදී විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇත.

ඉන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍යවරයා පැවසුවේ අමෙරිකාවේ නීත්‍යානුකූල අවශ්‍යතා සලකා බැලීමට තමන් සුදානම් බවයි.

උතුරු අමෙරිකාවේ සිට යුරෝපය දක්වා කෙටිම මාර්ගයේ පිහිටා ඇති ග්‍රීන්ලන්තය අමෙරිකාවට උපායමාර්ගිකව වැදගත් ස්ථානයක පිහිටා තිබේ.

බැටරි සහ අධි තාක්‍ෂණික උපාංග නිෂ්පාදනය කිරීමේදී අත්‍යවශ්‍ය වන දුර්ලභ ඛනිජ තැන්පතුවක්ද ග්‍රීන්ලන්තය සතුයි.

විදෙස්

ට්‍රම්ප්ගෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට සම්බාධක

Published

on

By

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට සම්බාධක පැනවීමේ විධායක නියෝගයකට අත්සන් තබා තිබේ.

ඒ අමෙරිකාව සහ සමීප රාජ්‍යයක් වන ඊශ්‍රායලය ඉලක්ක කරගත් නීති විරෝධී සහ පදනම් විරහිත ක්‍රියාමාර්ග” සම්බන්ධයෙන් චෝදනා කරමින්ය.

මෙම පියවර මගින් ඇමරිකානු පුරවැසියන් හෝ අමෙරිකාවේ සමීප රාජ්‍යයන් පිළිබඳ ජාත්‍යන්තර අපරාධ අධිකරණ පරීක්ෂණ සඳහා සහාය වන පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල් සඳහා මූල්‍ය සහ වීසා සීමා පනවා තිබේ.

ට්‍රම්ප් මෙම පියවරට අත්සන් කළේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු වොෂින්ටනයේ චාරිකාවක යෙදී සිටියදී වීම විශේෂත්වයකි.

පසුගිය නොවැම්බර් මාසයේදී, ගාසා තීරයේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය නෙතන්යාහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ අතර එය ඊශ්‍රායලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමාස් අණදෙන නිලධාරියෙකුට වරෙන්තුවක් ද නිකුත් කළා. ට්‍රම්ප්ගේ විධායක නියෝගයේ සඳහන් වූයේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ මෑත ක්‍රියාමාර්ග භයානක පූර්වාදර්ශයක් සපයන බවත්, එය ඇමරිකානුවන් අනතුරේ හෙළන බවත්ය.

මෙම ද්වේෂසහගත හැසිරීම එක්සත් ජනපදයේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමට තර්ජනය කරන අතර එක්සත් ජනපද රජයේ සහ ඊශ්‍රායලය ඇතුළු අපගේ සමීප රටවල තීරණාත්මක ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති කටයුතු අඩපණ කරන බව ජනාධිපති ට්‍රම්ප් නිකුත් කල නියෝගයේ සඳහන් වේ.

Continue Reading

විදෙස්

ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්

Published

on

By

සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන්, කාන්තා ක්‍රීඩා සඳහා සහභාගී වීම තහනම් කරමින් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා තිබේ.

අත්සන් කිරීමේ උත්සවයේදී ජනපතිවරයා පැවසුවේ, මින් ඉදිරියට කාන්තා ක්‍රීඩාව කාන්තාවන්ට පමණක් වනු ඇති බවයි.

සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා කාන්තා කණ්ඩායම් සඳහා තරග කිරීමට ඉඩ සලසන පාසල්වලට අරමුදල් සැපයීම ප්‍රතික්ෂේප කිරීමට ද රජයේ ආයතන සඳහා මෙම නියෝගය මගින් බලය ලබා දෙනු ඇති.

ඔහු බලයට පත්වීමෙන් පසු සංක්‍රාන්ති ලිංගිකයන් ඉලක්ක කර ගනිමින් ගත් නවතම පියවර එයයි.

සංක්‍රාන්ති ලිංගික පිරිස අමෙරිකානු ජනගහනයෙන් සුළුතරයක් වන අතර එය ද නොතකා මෙම පියවර ගෙන ඇති බවත් විදෙස් වාර්තාවල සඳහන් ය.

Continue Reading

පුවත්

ස්වීඩනයේ වෙඩි තැබීමක් 11ක් මරුට

Published

on

By

ස්වීඩනයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

ස්ටොක්හෝම් අගනුවරට බටහිරින් පිහිටි ඔරෙබ්‍රෝ රිස්බර්ග්ස්කාහි උසස් අධ්‍යාපන ආයතනයක මෙම වෙඩිතැබීම සිදුව ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

වෙඩි වැඳීමෙන් තුවාල ලැබූ බොහෝ පිරිසක් රෝහල් ගත කර ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද එම වාර්තාවල සඳහන්ව ඇත.

එරට අග්‍රාමාත්‍ය උල්ෆ් ක්‍රිස්ටර්සන් පවසා ඇත්තේ ස්වීඩන් ඉතිහාසයේ දරුණුතම සමූහ වෙඩි තැබීම මෙය ලෙස හැඳින් වියහැකි බවය.

මියගිය පිරිස අතර වෙඩික්කරුද සිටින බව සඳහන්ය.

අදාළ සැකකරු මෙම වෙඩි තැබීම සඳහා කුමන වර්ගයේ ගිනිඅවියක් භාවිත කළේද යන්න සහ වෙඩි තැබීම සිදුකළ ආකාර සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී නොමැති බව විදෙස් වාර්තා පැවසුවේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved