Connect with us

විදෙස්

ට්‍රම්ප් ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්කරගනියි

Published

on

ඇමරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමේ නියෝගයට ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගෝලීය සෞඛ්‍ය සංවිධානය කොවිඩ් වසංගතය සහ අනෙකුත් ජාත්‍යන්තර අර්බුද වැරදි ලෙස හසුරවා ඇති බව ජනාධිපතිවරයා එම නියෝගය මඟින් පෙන්වා දී ඇති බවය.

ඒ අනුව එක්සත් ජනපදය මාස 12කින් එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීමට නියමිතය.

එමෙන්ම එහි කටයුතු සඳහා වන ඇමරිකාවේ සියලුම මූල්‍ය දායකත්වයන්ද නවතා දැමෙනු ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශාලතම මූල්‍ය ආධාරකරුවා වන එක්සත් ජනපදය එහි සමස්ත අරමුදල්වලින් 18%ක් දරන බව වාර්තා වේ.

පුවත්

ෆැරැන්සිස් පාප් වහන්සේ රෝහලේ රඳවාගනියි (Update)

Published

on

By

හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝමයේ ජෙමෙලි රෝහලට ඇතුළත් කළ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තවදුරටත් එහි නේවාසිකව ප්‍රතිකාර ලබයි.  

88 හැවිරිදි පාප් වහන්සේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාදනයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල්ගත කළ බව විදෙස් වාර්තාවල සඳහන් ය.

ඉදිරි දින තුනේදි උන්වහන්සේ සැලසුම් කර තිබූ සියලුම ගමන් හා වැඩසටහන් අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ තත්ත්වය බරපතළ නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ෆැරැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත කරයි!

88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහ⁣න්සේ රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උන්වහන්සේ රෝහල්ගත කිරීමත් සමඟ දින කිහිපයක සැලසුම් අවලංගු කිරීමටත් පියවර ගෙන ඇතැයි ද පැවසේ.


(පෙර පුවත 2025 පෙබරවාරි 15, පෙ.ව.7:36)

ෆැරැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත කරයි!

88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහ⁣න්සේ රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උන්වහන්සේ රෝහල්ගත කිරීමත් සමඟ දින කිහිපයක සැලසුම් අවලංගු කිරීමටත් පියවර ගෙන ඇතැයි ද පැවසේ.

Continue Reading

විදෙස්

ප්‍රාණ ඇපකරුවන් නිසා ගාසාව යළිත් ඇවිලෙන ලකුණු

Published

on

By

හමාස් සංවිධානය ලබන සෙනසුරාදා වන විට ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකළහොත් ගාසා තීරයේ සටන් විරාමය අවසන් කරන බව ඊශ්‍රායලය පවසයි.

පලස්තීන හමාස් සටන්කාමීන් සෙනසුරාදා දහවල වන විට අපගේ ප්‍රාණ ඇපකරුවන් ආපසු භාර නොදෙන්නේ නම් ගාසා තීරයේ සටන් විරාමය අවසන් කර දැඩි සටන් නැවත ආරම්භ කරන බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අනතුරු අඟවා තිබේ.

තවත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම නැවත දැනුම් දෙන තුරු කල් දමන බවට හමාස් සංවිධානය කළ නිවේදනයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය මේ බව සඳහන් කර ඇත.

කෙසේ වෙතත් නෙතන්යාහු ඉල්ලා සිටින්නේ ඉතිරිව සිටින ප්‍රාණ ඇපකරුවන් 76 දෙනා ද නැතහොත් සෙනසුරාදා නිදහස් කිරීමට නියමිත තුන් දෙනා පමණක්ද යන්න මෙතෙක් සඳහන් කර නැත.

එහෙත් හමාස් සංවිධානය පවසන්නේ සටන් විරාම ගිවිසුමට තමන් තවමත් කැපවී සිටින බවය.

Continue Reading

විදෙස්

ඛාන් වෙනුවෙන් විරෝධතාවක්

Published

on

By

විවිධ චෝදනා රැසකට වරදකරු කර ඇති පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් තවදුරටත් පසුවන්නේ බන්ධනාගාරගතවය.

ඒ අනුව, ඛාන් අගමැතිවරයා වහාම නිදහස් කරන්නැයි බලකරමින් ඔහුගේ පාක්ෂිකයින් ඊයේ (09) එරට වයඹදිග ස්වාබි නගරයේදී විරෝධතාවක් පවත්වා තිබුණි.

මෙම විරෝධතාව පැවැත්වුණේ ඉම්රාන් ඛාන්ගේ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය බලය පෙරලා දැමූ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් වසරක් ගතවීමට සමගාමීවය.

මේ අනුව ඔවුන් එම දිනය කළු දිනය ලෙස නම් කර තිබුණි.

මෙහිදී එක්වූ දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් රජයට බලකර සිටියේ ඔවුන් වහාම ඉල්ලා අස්විය යුතු බවටය.

පසුගිය මැතිවරණයේදී තාරික් ඊ ඉන්සාෆ් පක්ෂයට මැතිවරණයට ඉදිරිපත්වීමේ අවස්ථාව අහිමි කළ අතර එහි අපේක්ෂකයින් මැතිවරණයට ඉදිරිපත් වූයේ ස්වාධීනවය.

එහිදී එම ස්වාධීන කණ්ඩායම ආසන 93ක් දිනාගත්තේ මහත් අභියෝගයක් නිර්මාණය කරමිනි.

කෙසේ නමුත් පාකිස්තාන මුස්ලිම් ලීගයේ නවාස් පක්ෂය සහ පාකිස්තාන මහජන පක්ෂය ඉන් පසුව එක්ව ආණ්ඩුවක් පිහිටුවා ගත්තේය.

මේ අයුරෙන් ඉම්රාන් ඛාන් දිගින් දිගටම සිරගත කර රඳවාගෙන සිටින්නේ ඔහු නිදහස් කරන්නැයි දසතින් කරන ඉල්ලීම් නොතකා හරිමිනි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved