Connect with us

විදෙස්

ට්‍රම්ප් කැනඩාව සහ මෙක්සිකෝව මත තීරුබදු අත්හිටුවීමට එකඟ වේ

Published

on

කැනඩාව සහ මෙක්සිකෝව මත 25% තීරුබදු පැනවීම දින 30 කට අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟ වී ඇති බව වාර්තා වේ.

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ, සංක්‍රමණය සහ මාරාන්තික මත්ද්‍රව්‍ය ෆෙන්ටැනයිල් ගලායාම වැළැක්වීම සඳහා එක්සත් ජනපදය සමඟ තම රටේ දේශසීමා ශක්තිමත් කිරීමට එකඟ වීමත්, හමුදා සමඟ උතුරු දේශසීමාව ශක්තිමත් කිරීමට මෙක්සිකානු ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් එකඟ වීමත්, කැනඩාව සහ මෙක්සිකෝව ඇමරිකානු භාණ්ඩ වෙනුවෙන් බදු පැනවීමත් සමඟ මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව,කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ සඳහන් කර තිබුණේ, හෙරොයින් වලට වඩා 50 ගුණයක් ශක්තිමත් කෘත්‍රිම මත්ද්‍රව්‍යයක් වන ෆෙන්ටැනයිල් ගලායාම නැවැත්වීම සඳහා පෙරටුගාමී සේවකයින් 10,000කට ආසන්න ප්‍රමාණයක් සහ තවත් සම්පත් ඇතුළත් ඩොලර් බිලියන 1.3 (පවුම් බිලියන 1) දේශසීමා සැලැස්මක් කැනඩාව ක්‍රියාත්මක කරන බවයි. මෙහිදී අපරාධ, ෆෙන්ටැනයිල් සහ මුදල් විශුද්ධිකරණයට එරෙහිව සටන් කිරීම සඳහා එක්සත් ජනපද නීතිය බලාත්මක කිරීම, වැඩි දියුණු කළ සම්බන්ධීකරණය, තොරතුරු හුවමාරු කිරීම, දේශසීමාවේ ගමනාගමනය සීමා කිරීම සහ නිරීක්ෂණ සඳහා ඩ්‍රෝන සහ බ්ලැක් හෝක් හෙලිකොප්ටර් යෙදවීම ඇතුළත් වේ.

තීරුබදු පැනවීම තාවකාලිකව අත්හිටුවීමත් සමඟ මෙක්සිකානු ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් දේශසීමා ආරක්ෂාව වෙනුවෙන් රට ජාතික ආරක්ෂක භටයින් 10,000 ක් එක්සත් ජනපදය සමඟ ඇති දේශසීමා වෙත යොදවා තිබුණු අතර මේ සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබුණේ, සියලුම ඇමරිකානුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම තමන්ගේ වගකීමක් වන බවත්, තමා එය සිදු කිරීමට සුදානම් බවත්, මෙම ආරම්භක ප්‍රතිඵලය ගැන තමා ඉතා සතුටු වන බවත්ය.

ට්‍රම්ප් එක්සත් ජනපද ආර්ථිකය වර්ධනය කිරීම, රැකියා ආරක්ෂා කිරීම සහ බදු ආදායම ඉහළ නැංවීම සඳහා මෙවලමක් ලෙස තීරුබදු සකස් කර ඇත.

විදෙස්

ටෙක්සාස් හි ගංවතුර නිසා මරණ සංඛ්‍යාව තවත් ඉහළට

Published

on

By

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ටෙක්සාස් ප්‍රාන්තයේ ග්වාඩලූප් ගඟ දිගේ ජල මට්ටම ඉහළ යෑමෙන් ඇති වූ මෙම ගංවතුර නිසා තවත් බොහෝ පිරිසක් අතුරුදහන් වී ඇත.

Continue Reading

විදෙස්

අමෙරිකානු තීරුබදු අනුපාත අද සිට ලිපි මගින් එක් එක් රටට

Published

on

By

තීරුබදු විරාමය ජූලි 9 වන දින අවසන් වීමට පෙර, තම පරිපාලනය රටවල්වලට යටත් වන තීරුබදු අනුපාත පිළිබඳව දැනුම් දෙමින් ලිපි යවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
 
ඔහු පවසා සිටියේ අද (04) සිට එම ලිපි යැවීම ආරම්භ කරන බවය.
 
වියට්නාමය සමඟ බදාදා ප්‍රකාශයට පත් කරන ලද වෙළඳ ගිවිසුමකට අමතරව “තවත් ගිවිසුම් කිහිපයක්” අත්සන් කිරීමට අපේක්ෂා කරන බව ද  ජනපතිවරයා විසින් සඳහන් කර ඇත.

Continue Reading

විදෙස්

මගී නෞකාවක් පෙරළි සිව්දෙනෙකු මියගොස් 38ක් අතුරුදහන්

Published

on

By

ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් මේ වන විට සිව්දෙනෙකු මියගොස් 38 දෙනෙකු අතුරුදහන් වී 23 දෙනෙකු දිවි ගලවා ගෙන ඇති බව වාර්තා වේ.

නැගෙනහිර ජාවා හි බන්යුවන්ගි වරායෙන් ඊයේ (02) බාලි බලා මෙම මගී නෞකාව පිටත්ව ගොස් ඇත.

ගමන ආරම්භ කර පැය භාගයකට පමණ පසු මෙම නෞකාව පෙරළි ගිලී ගොස් ඇති සඳහන් වේ.

බෝට්ටුවේ මගීන් 53 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු සිට ඇති අතර එම නෞකාවේ ට්‍රක් රථ 14ක් ඇතුළුව රථ වාහන 22 ක් ද තිබී ඇති බව වාර්තා වේ.

අතුරුදහන් වූවන් සෙවීමේ කටයුතු සිදුවෙමින් පවතින නමුත් අයහපත් කාලගුණය හේතුවෙන් දැඩි බාධා එල්ල වී බව සඳහන් වේ.

දූපත් 17,000 කට වඩා වැඩි දූපත් සමූහයක් වන ඉන්දුනීසියාවේ මෙම මගී නෞකා සාමාන්‍ය ප්‍රවාහන ක්‍රමයක් වන අතර, ප්‍රමාණවත් ජීවිතාරක්ෂක උපකරණ නොමැතිව මෙම නෞකා යාත්‍රා කරන අතර දැරිය නොහැකි තරමට බර පටවා ගැනීම හේතුවෙන් අනතුරු බහුලව සිදු වන බව සඳහන් වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved