Connect with us

විදෙස්

තමා පෙරභවයේ ඩයනා කුමරිය බව දරුවෙක් කියයි

Published

on

ඕස්ට්‍රේලියාවේ අට හැවිරිදි බිලී කැම්බල් නම් පිරිමි දරුවකු තමා පසුගිය ආත්මයේදී බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ ඩයනා කුමරිය බවට පවසන්නේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පැරීසියේදී අවාසනාවන්ත මෝටර් රථ අනතුරකින් මරණයට පත්වූ බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරියගේ පුනුරුප්පත්තිය මෙසේ සිදුව ඇති බව එම මාධ්‍ය වාර්තා කරයි.

බිලී වයස අවුරුදු දෙකේදී තමන් පසුගිය ආත්මයේදී ඩයනා කුමරිය බව පවසමින් ඩයනා කුමරියගේ ජීවිතයේ සිදුවීම් මතක් කිරීමට පටන් ගත් බව ඔහුගේ පියා වන ප්‍රසිද්ධ රංගන ශිල්පී ඩේවිඩ් කැම්බල් ඩයනා කුමරියගේ පුනුරුප්පත්තිය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

බිලීගේ වයසේ පසුවන දරුවකු දැන සිටීමට කිසිදු හැකියාවක් නොමැති ඩයනා කුමරියගේ ජීවිතයේ සිදුවීම් සහ මතකයන් පිළිබඳ ඔහුට දැනීමක් තිබෙන බවද ඩේවිඩ් පැවැසුවේය.

බිලී ඩයනාගේ ජීවිතය පිළිබඳ පවසන තොරතුරු ඉතාමත් නිවැරදි බවත් බොහෝ දෙනා ඉන් පුදුමයට පත් වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

බිලී කැම්බල් ඩයනා කුමරියට ජීවිතය අහිමිවූ මෝටර් රථ අනතුර පිළිබඳව ඉතා නිවැරදි තොරතුරු මෙන්ම බැල්මොරල් මාළිගාව පිළිබඳව තොරතුරුද හොඳින් දන්නා බවත් තමා සහ බිරිඳ ඉන් කම්පනයට පත්වූ බවත් ඩේවිඩ් කැම්බල් පැවැසුවේය.

බිලී බැල්මොරල් මාළිගාව ඇවිද යන ආකාරය හොඳින් විස්තර කරන බවද ඔහු පෙන්වා දුන්නේය. ඩයනා කුමරියගේ ඡායාරූපය පෙන්වූ විට ඒ මම යැයි බිලී පවසන බවත් වයස අවුරුදු තුනේදී බිලි හැරී සහ විලියම්ට මාගේ කොල්ලෝ දෙන්නා යැයි ආමන්ත්‍රණය කිරීමට පටන් ගත් බවත් ඩේවිඩ් ප්‍රකාශ කළේය.

ඩයනා කුමරිය බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකාවක වූ අතර ඇය විලියම් සහ හැරීගේ මවද වූවාය. ඩයනා කුමරිය 1997 වසරේ අගෝස්තු 31 වැනිදා පැරිසියේදී සිදුවූ මෝටර් රථ අනතුරකින් මරණයට පත්විය.

ඩේවිඩ් කැම්බල් සිය පුත්‍රයාගේ අසාමාන්‍ය හැසිරීම පිළිබඳව ප්‍රථමවරට 2019 වසරේදී මාධ්‍ය ඉදිරියේදී ප්‍රකාශයක් කර ඇති අතර බිලී සැබැවින්ම ඩයනා කුමරියගේ පුනුරුප්පත්තිය යැයි විශ්වාස කරන පිරිසක් මෙන්ම රංගන ශිල්පියාගේ පුත්‍රයාද රංගන ශිල්පියකු බව පවසමින් විවේචන එල්ල කරන පිරිසක්ද සිටී. කෙසේ නමුත් අට හැවිරිදි බිලී ප්‍රකාශ කරන විස්තර සම්බන්ධයෙන් බොහෝ දෙනා කුතුහලයෙන් පසුවන අතර උනන්දුවක්ද දක්වයි.

(ලංකාදීප)

විදෙස්

අමෙරිකාවේ කොරලරාඩෝහි ත්‍රස්ත ප්‍රහාරයක්

Published

on

By

අමෙරිකාවේ කොරලරාඩෝ ප්‍රාන්තයේ බොල්ඩර් ප්‍රදේශයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවී ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා අතර සඳහන් වන්නේ බොල්ඩර්හි පර්ල් වීදි සංකීර්ණයේ රැස්ව සිටි පිරිසකට  පුද්ගලයකු විසින් පෙට්‍රල් බොම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බවය.

ගාසා තීරයේ රදවා සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සිහිකිරීම වෙනුවෙන් රැස් වු පිරිසකට එම ප්‍රෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ප්‍රමාණය මෙතෙක් වාර්තා කර නොමැති අතර ඔවුන් අතර බරපතල පිළිස්සුම් ලැබු පිරිසක් ද සිටින බව සඳහන් ය.

මේ වනවිට එම ප්‍රදේශයේ  ආරක්ෂාව තර කර ඇති අතර පර්ල් වීදියට ඉහලින් ගමන් කරන ඩ්‍රෝන ,හෙලිකොප්ටර් ඇතුළු සියලුම ගුවන් යානා සඳහා ඒ අවට ගුවන් අවකාශය මඟ හරින ලෙස ද ආරක්ෂක අංශ ඉල්ලා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර ෆෙඩරල් විමර්ශන කාර්යාංශය හෙවත් අමෙරිකානු එෆ්. බී .අයි. ආයතනය පැවසුවේ එය ත්‍රස්ත ප්‍රහාරක් බවයි.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

විදෙස්

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට යළි අවසර

Published

on

By

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරුබදු නියෝග යළි තාවකාලිකව බලාත්මක කිරීමට එරට ෆෙඩරල් අභියාචනාධිකරණයෙන් ඊයේ (29) අවසර හිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව මෙම හදිසි බලතල නීතිය යටතේ තීරුබදු එකතුකිරීම තවදුරටත් සිදුකරගෙන යාමට ට්‍රම්ප් පරිපාලනයට අවසර හිමිවිය.

මෙම බදු ප්‍රතිත්තිය අත්හිටුවීමේ නියෝගයක් අමෙරිකානු වාණිජ අධිකරණයක් විසින් ඊයේ (29) නිකුත්කර තිබුණි.

මෙම නියෝගය ලබාදෙමින් වාණිජ අධිකරණය සඳහන් කළේ, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමග වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී බලයක් ලබා දී ඇති බවයි.

ඒ හේතුවෙන් එක්සත් ජනපද ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ හදිසි බලතල මගින් එම බලය ඉක්මවා යා නොහැකි බවය.

ධවල මන්දිරය විසින් ක්‍රියාත්මක කරන ලද හදිසි නීතියක් මගින් ජනාධිපතිවරයාට සෑම රටකටම පාහේ තීරුබදු පැනවීමට ඒකපාර්ශ්වික බලයක් ලබා නොදෙන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් වැඩිදුරටත් තීන්දුකර තිබුණි.

කෙසේ වෙතත් ට්‍රම්ප් පරිපාලනය විසින් එම නියෝගය ඉදිරිපත්කර විනාඩි කිහිපයක් ඇතුළත එරට ෆෙඩරල් අභියාචනාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved