Connect with us

විදෙස්

තුර්කි භූකම්පනයෙන් මියගිය ළමුන් සඳහා රතු බැලුන් (වීඩියෝ)

Published

on

දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවේ දස දහස් ගණනකට මරු කැඳවමින් පසුගියදා සිදුවූ දරුණු භූමිකම්පාවෙන් මියගිය දරුවන් සිහිකිරීමට තුර්කියේ ස්වේච්ඡා සේවකයන් පිරිසක් එක්ව තිබේ.

ඡායාරූප ශිල්පියෙකු වන Ogun Sever Okur ප්‍රමුඛ මෙම පිරිස විසින් Hatay පළාතේ සුන්බුන් අතර රතු බැලුන් එල්ලමින් මෙම දරුවන්ව සිහිකර තිබේ.

මෙය, එම දරුවන්ට ලබාදෙන අවසන් තිළිණය ලෙස නම් කිරීමට කැමති බව ඡායාරූප ශිල්පී ඔකුර් මහතා පවසයි.

ස්වේච්ඡා සේවකයන් මේ වන විට බැලුන් 1,000ක් – 1,500ක් අතර ගැටගසා ඇති බවත්, ප්‍රදේශයේ සියලු ප්‍රදේශ ආවරණය වන තෙක් මෙම කටයුත්තේ නිරත වීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

“බැලුනයක් ගැටගසන සෑම වරක් පාසා මගේ හදවත රිදුම්දෙනවා,” යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියි.

විදෙස්

ට්‍රම්ප්ගේ ජයයෙන් පසු ඩොලරය නගියි 

Published

on

By

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ඩොලරයේ අගය ශක්තිමත් වී ඇතැයි ද, කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. 

මාස හතරකට පමණ පසු ඩොලරය එහි ඉහළම අගයට ළඟා වී ඇති අතර වසර හතරකට පසුව යුරෝව ඩොලරයට සාපේක්ෂව විශාලම දෛනික පහත වැටීමට ලක්ව තිබේ. 

ජපාන යෙන්, යුරෝ, මෙක්සිකානු පෙසෝ, චීන යුවාන් අගයන් ද පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වසර දෙකකට පසු එක්සත් ජනපද කොටස් වෙළෙඳපොළ එක් රැයක් තුළ 2.5% කින් ඉහළ යෑම ද විශේෂිතය. 

බදු, වෙළෙඳාම සහ සංක්‍රමණික නීති පිළිබඳ ට්‍රම්ප්ගේ යෝජිත ප්‍රතිපත්ති මෙම ආර්ථික වර්ධනයට හේතු වී ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.  

ඩොලරය ස්ථාවර වීම මත රන් සහ තඹ මිල ද යම් ප්‍රමාණයකින් පහත වැටී තිබේ.  

පසුගිය සතියේ රන් අවුන්සයක අගය ඩොලර් 2790.15 ක් වූ අතර පසුගිය බ්‍රහස්පතින්දා වන විට එය ඩොලර් 2657.65 දක්වා පහත වැටී ඇත. 

ඒ අනුව ඩොලර් 130 කින් පමණ රන් මිල පහත වැටී තිබේ.

Continue Reading

විදෙස්

අමෙරිකානු ජනපතිවරණ ජය ට්‍රම්ප්ට

Published

on

By

අමෙරිකානු ජනපතිවරණ ජය ට්‍රම්ප්ටහිටපු අමෙරිකානු ජනපති ඩොනලඩ් ට්‍රම්ප් නැවතත් තම ධවල මන්දිර සිහිනය සැබෑ කර ගැනීමට සමත්ව තිබේ.

ඒ අමෙරිකානු ඡන්ද විද්‍යාල 279 ක බලය තමන් යටතට පත් කර ගනිමිනි.

අමෙරිකානු ජනපතිවරණට මෙවර විශාල අවධානයක් හිමිවුණේ, ලොව යුද ගැටුම් නිවීමට ජනපති ට්‍රම්ප් ප්‍රතිඥා දුන් පසුබිමකය.

ධවල මන්දිර බලය තහවුරු කර ගැනිමට උප ජනපතිනී කමලා හැරිස් තියුණු සටනක් දෙනු ඇතැයි මුළදී පුරෝකථනය කෙරුණත්, ඇයට ජයග්‍රහනය කළ හැකිව ඇති ආසන සංඛ්‍යාව 223 කි.

තවදුරටත් ඡන්ද ගණනය කිරීමේ කටයුතු සිදුවූවත්, ජනපතිවරණ ජය තහවුරු කර ගැනීමට අමෙරිකානු ඡන්ද විද්‍යාල 270 ක බලය තහවුරු කර ගැනීම ප්‍රමාණවත් වේ.

Continue Reading

පුවත්

7වැනි CIIE ප්‍රදර්ශනය ෂැංහායි වල ඇරඹේ

Published

on

By

හත්වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) හා හොංචියාඕ (Hong-chiao) ජාත්‍යන්තර ආර්ථික සංසදය අද (05) ෂැංහායි නුවරදී ආරම්භ විය.

මෙහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකර තිබුණේ චීන අග්‍රාමාත්‍ය ලී චියැං මහතා විසිනි.

නොවැම්බර් 10දා දක්වා පැවැත්වෙන CIIE ප්‍රදර්ශනයට රටවල් සහ කලාප 129 කින් ප්‍රදර්ශකයින් 3,496ක් එක්වේ.

නව නිෂ්පාදන, නව තාක්ෂණයන් හා නව සේවා 400කට වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනයට සමගාමීව එළිදැක්වීමට නියමිතය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved