Connect with us

විදෙස්

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 14 ක සිර  දඬුවමක්

Published

on

පාකිස්තාන අධිකරණයක් හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 14 ක සිර දඬුවමක් නියම කර තිබේ.

ඒ ඉඩම් දූෂණ නඩුවක් සම්බන්ධයෙනි.

මෙයඉම්රාන් ඛාන් මුහුණ දුන් මූල්‍යමය වැරදි සම්බන්ධයෙන් විශාලතම නඩුව බව සඳහන්ය.

2023 අගෝස්තු මාසයේ සිට ඛාන් සිරගත කර ඇති රාවල්පින්ඩි හි දූෂණ විරෝධී අධිකරණයක් විසින් මෙම තින්දුව ලබා දෙන ලදී.

72 හැවිරිදි, හිටපු ක්‍රිකට් තරුවක් වූ ඉම්‍රාන්, 2018 සිට 2022 දක්වා ඔහුගේ අගමැති ධූර කාලය තුළ නීති විරෝධී අනුග්‍රහයන් සඳහා දේපළ වෙළඳාම් කරන්නෙකු විසින් ඔහුට සහ ඔහුගේ බිරිඳට ඉඩම් තෑගි කළ බවට මෙහිදී චෝදනා එල්ල වී තිබුණි.

නඩුව කැඳවූ අවස්ථාවේදී ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බිබී වරදකරුවන් නොවන බව පවසා තිබුණි.

වෙනත් නඩුවකට අදාලව ඇප මත නිදහස්ව සිටි බුෂ්රා බිබී, නඩුවේදී ද වරදකරු වූ පසු අත්අඩංගුවට ගත් බව සඳහන්ය.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීම තුන් වතාවක් ප්‍රමාද වූයේ, මෑතකදී රජය සහ ඛාන්ගේ පක්ෂය අතර සාකච්ඡා මධ්‍යයේයි.

කෙසේ වෙතත්, මෙම තීන්දුව ඛාන් සහ ඔහුගේ පක්ෂයට ලැබුණු විශාලතම පසුබෑම බව විචාරකයන් පවසයි.

2022 අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තු විශ්වාසය පිළිබඳ ඡන්දයකින් ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු, ඉම්රාන් ඛාන් 2023 අගෝස්තු මාසයේ සිට සිරගත කර සිටියි.

විදෙස්

ටෙක්සාස් හි ගංවතුර නිසා මරණ සංඛ්‍යාව තවත් ඉහළට

Published

on

By

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ටෙක්සාස් ප්‍රාන්තයේ ග්වාඩලූප් ගඟ දිගේ ජල මට්ටම ඉහළ යෑමෙන් ඇති වූ මෙම ගංවතුර නිසා තවත් බොහෝ පිරිසක් අතුරුදහන් වී ඇත.

Continue Reading

විදෙස්

අමෙරිකානු තීරුබදු අනුපාත අද සිට ලිපි මගින් එක් එක් රටට

Published

on

By

තීරුබදු විරාමය ජූලි 9 වන දින අවසන් වීමට පෙර, තම පරිපාලනය රටවල්වලට යටත් වන තීරුබදු අනුපාත පිළිබඳව දැනුම් දෙමින් ලිපි යවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
 
ඔහු පවසා සිටියේ අද (04) සිට එම ලිපි යැවීම ආරම්භ කරන බවය.
 
වියට්නාමය සමඟ බදාදා ප්‍රකාශයට පත් කරන ලද වෙළඳ ගිවිසුමකට අමතරව “තවත් ගිවිසුම් කිහිපයක්” අත්සන් කිරීමට අපේක්ෂා කරන බව ද  ජනපතිවරයා විසින් සඳහන් කර ඇත.

Continue Reading

විදෙස්

මගී නෞකාවක් පෙරළි සිව්දෙනෙකු මියගොස් 38ක් අතුරුදහන්

Published

on

By

ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් මේ වන විට සිව්දෙනෙකු මියගොස් 38 දෙනෙකු අතුරුදහන් වී 23 දෙනෙකු දිවි ගලවා ගෙන ඇති බව වාර්තා වේ.

නැගෙනහිර ජාවා හි බන්යුවන්ගි වරායෙන් ඊයේ (02) බාලි බලා මෙම මගී නෞකාව පිටත්ව ගොස් ඇත.

ගමන ආරම්භ කර පැය භාගයකට පමණ පසු මෙම නෞකාව පෙරළි ගිලී ගොස් ඇති සඳහන් වේ.

බෝට්ටුවේ මගීන් 53 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු සිට ඇති අතර එම නෞකාවේ ට්‍රක් රථ 14ක් ඇතුළුව රථ වාහන 22 ක් ද තිබී ඇති බව වාර්තා වේ.

අතුරුදහන් වූවන් සෙවීමේ කටයුතු සිදුවෙමින් පවතින නමුත් අයහපත් කාලගුණය හේතුවෙන් දැඩි බාධා එල්ල වී බව සඳහන් වේ.

දූපත් 17,000 කට වඩා වැඩි දූපත් සමූහයක් වන ඉන්දුනීසියාවේ මෙම මගී නෞකා සාමාන්‍ය ප්‍රවාහන ක්‍රමයක් වන අතර, ප්‍රමාණවත් ජීවිතාරක්ෂක උපකරණ නොමැතිව මෙම නෞකා යාත්‍රා කරන අතර දැරිය නොහැකි තරමට බර පටවා ගැනීම හේතුවෙන් අනතුරු බහුලව සිදු වන බව සඳහන් වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved