Connect with us

විදෙස්

මුම්බායි ආරක්ෂාව තර කෙරේ

Published

on

ත්‍රස්ත තර්ජනයක් ඇතිවිය හැකි බවට මධ්‍යම ඒජන්සි අනතුරු ඇඟවීමත් සමඟ මුම්බායි පොලීසිය ජනාකීර්ණ ප්‍රදේශවල ආරක්ෂාව තර කර තිබේ

මුම්බායි නගරයේ බොහෝ ආගමික ස්ථාන සහ ජනාකීර්ණ ස්ථාන රැසක ආරක්ෂක විධිවිධාන තර කර ඇති බව NDTV පුවත් සේවය පවසයි.

පූර්වාරක්ෂාව ලෙස නගරයේ විහාරස්ථාන ගැන අවධානයෙන් සිටින ලෙසත් සැක කටයුතු ක්‍රියාකාරකමක් වෙතොත් ඒ පිළිබඳ වාර්තා කරන ලෙසටත් උපදෙස් දී ඇති බව සඳහන්ය.

පුවත්

7වැනි CIIE ප්‍රදර්ශනය ෂැංහායි වල ඇරඹේ

Published

on

By

හත්වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) හා හොංචියාඕ (Hong-chiao) ජාත්‍යන්තර ආර්ථික සංසදය අද (05) ෂැංහායි නුවරදී ආරම්භ විය.

මෙහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකර තිබුණේ චීන අග්‍රාමාත්‍ය ලී චියැං මහතා විසිනි.

නොවැම්බර් 10දා දක්වා පැවැත්වෙන CIIE ප්‍රදර්ශනයට රටවල් සහ කලාප 129 කින් ප්‍රදර්ශකයින් 3,496ක් එක්වේ.

නව නිෂ්පාදන, නව තාක්ෂණයන් හා නව සේවා 400කට වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනයට සමගාමීව එළිදැක්වීමට නියමිතය.

Continue Reading

විදෙස්

අමෙරිකානු ජනාධිපතිවරණය අදයි

Published

on

By

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම අද (05) සිදු වනු ඇත.

මෙරට වේලාවෙන් අද පස්වරු 5ට පමණ ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වනු ඇති.

ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අද සිය අවසාන ප්‍රචාරණ කටයුතුවල නිරත වන බව විදෙස් වාර්තාවල සඳහන් විය.

ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන වත්මන් උපජනාධිපතිනී කමලා හැරිස් ඇගේ අවධානය යොමු කර ඇත්තේ, පෙන්සිල්වේනියා ප්‍රන්තයටයි.

රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නෝත් කැරෝලීනා, පෙන්සිල්වේනියා සහ මිචිගන් ප්‍රාන්තවල සිය ප්‍රචාරණ කටයුතුවල නිරත වනු ඇත.

මෙවර ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 186කට අධිකයි.

අමෙරිකානු මැතිවරණ නීතියට අනුව සිය මනාපය කළින් භාවිත කිරීමට ඡන්ද දායකයින්ට අවස්ථාව හිමි වීම හේතුවෙන්, ඡන්ද දායකයින් මිලියන 78කට වැඩි පිරිසක් දැනටමත් සිය ඡන්දය පළ කර ඇතැයි එරට බලධාරීන් පැවසීය.

රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් වත්මන් උපජනාධිපති කමලා හැරිස් මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා ලෙස කරට කර තරගයක නිරත වේ.

මීට අමතරව චේස් ඔලිවර්, ජිල් ස්ටයින් සහ කොර්නල් වෙස්ට් තෙවැනි පාර්ශ්ව සහ ස්වාධීන අපේක්ෂකයින් ලෙස ජනධිපතිවරණයට එක්ව සිටින බව විදෙස් වාර්තාවල සඳහන් විය.

“ස්වින්ග් ස්ටේට්ස්” ලෙස හැඳින්වෙන, අමෙරිකාවේ ප්‍රාන්ත 7ක බලය තහවුරු කරගැනීමට ප්‍රධාන අපේක්ෂකයින් පසුගිය මාස කිහිපයේ දැඩි සටනක නිරත වුණි.

Continue Reading

විදෙස්

ශෙන්ජෝ-18 ගගනගාමීන් යළි පෘථිවියට

Published

on

By

සිය අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථකව අවසන් කළ චීනයේ ශෙන්ජෝ-දහඅට (shen-jo 18) ගගනගාමීන් තිදෙනා රැගත් අභ්‍යවකාශ යානයේ කැප්සියුලය, නොවැම්බර් 04 වැනිදා යළි පෘථිවියට පැමිණියේය.

ටියැංගොං (Tian-gong) අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ගමන් ඇරඹූ මෙම යානය, බෙයිජිං වේලාවෙන් අලුයම 1.24ට පමණ පෘථිවියට පතිත විය.

මේ සඳහා ඉනර් මොංගෝලියා ස්වායන්තයේ පිහිටා ඇති ඩොංෆ(ර්)ං ගොඩබෑමේ ස්ථානයේ සියලු කටයුතු සූදානම්ව තිබුණු අතර, සෙවුම් හා ගලවාගැනීමේ හෙලිකොප්ටර් යානා කිහිපයක්ද සීරුවෙන් තබා තිබුණි.

දින 192ක් පුරා අභ්‍යවකාශයේ රැඳී සිටි ය’ ගුවංෆු (Ye Guang-fu), ලී ත්සොං (Li th-song) හා ලී ගුවංසු (Li Guang-su) නම් මෙම ගගණගාමීන් තිදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව චීන අභ්‍යවකාශ බලධාරීන් පවසයි.

කැප්සියුලයෙන් පිටතට පැමිණීමෙන් පසුව චීනයේ සීසී-ටීවී (CCTV) මාධ්‍ය ජාලය වෙත අදහස් දැක්වූ ඔවුහු, සාර්ථකව සිය මෙහෙයුම අවසන් කිරීමට හැකිවීම පිළිබඳව සිය ආඩම්බරය හා සතුට පළ කළහ.

ඒ අනුව, සයමසක් පුරාවට සිදුකෙරුණු ෂෙන්ජෝ 18 අභ්‍යාවකාශ මෙහෙයුම මෙසේ සාර්ථකව අවසන් විය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved