Connect with us

විදෙස්

මෝදි ප්‍රමුඛ රජයට එරෙහිව විශ්වාසභංගයක් 

Published

on

මනිපූර් ප්‍රාන්තයේ, වාර්ගික ගැටුම් උත්සන්න වීමත් සමඟ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජයට එරෙහිව, එරට පාර්ලිමේන්තුවට (ලෝක් සභාවට) විශ්වාසභංගයක් ගෙන ඒමට ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම් සූදානම් වෙයි.

මනිපූර් ප්‍රාන්තයේ බලයේ සිටින්නේ මෝදිගේ භාරතීය ජනතා පක්ෂය වන අතර, පසුගිය මැයි මාසයේ දී එහි ඇරඹුනු වාර්ගික ගැටුම් වලින් මේ වනවිට 130 දෙනකු මියගොස් ඇති අතර, 60,000කට උන්හිටිතැන් අහිමි වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

ආසන 542 ක් සහිත ඉන්දීය පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයට හිමි ආසන 301 කි. ඒ අනුව, විපක්ෂ දේශපාලන කණ්ඩායම් සන්ධානගතවී විශ්වාසභංගයක් ඉදිරිපත් කළද, එය පරාජය කිරීමේ හැකියාව පවතින්නේ භාරතීය ජනතා පක්ෂය සතුවයි.

විදෙස්

නොබෙල් සාම ත්‍යාගයට ට්‍රම්ප්ගේ නමත්

Published

on

By

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කර තිබේ.

ධවල මන්දිරයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර, නෙතන්යාහු මේ බව දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මැද පෙරදිග කලාපයේ සාමය සහ ආරක්ෂාව ඇති කිරීම වෙනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් දරන උත්සාහය වෙනුවෙන් ඔහුගේ නම මෙලෙස යෝජනා කර තිබේ.

Continue Reading

විදෙස්

ජපානය, දකුණු කොරියාව ඇතුළු රටවල් 14කට අමෙරිකාවෙන් බදු

Published

on

By

ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 14කින් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමට අමෙරිකාව තීරණය කර තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් විසින් අදාළ තීරුබදු පැනවීම පිළිබඳව ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම තීරුබදු පැනවීම අගෝස්තු මස පළමුවන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ජපානය සහ දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 25ක තීරු බද්දක් පැනවීමට නියමිතව තිබේ.

ඊට අමතරව මියන්මාරය, ලාඕසය, තායිලන්තය, කාම්බෝජය, සර්බියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, දකුණු අප්‍රිකාව,  මැලේසියාව, ටියුනීෂීයාව යන රටවල් සඳහා ද ඊයේ (07) දිනයේ තීරු බදු පැනවීම සම්බන්ධයෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ.

මේ අතර ට්‍රම්ප් පරිපාලනය විසින් ඉදිරි පැය 48 ඇතුළත ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතුවලට අදාළ වැදගත් නිවේදන කිහිපයක් සිදුකිරීමට නියමිත බව අමෙරිකානු භාණ්ඩාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් අදාළ නිවේදනවල අඩංගු වන්නේ මොනවාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් දැනුම් දී නොමැති බව සඳහන්ය.

මේ අතර අමෙරිකානු තීරුබදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා සඳහන් කළේය.

Continue Reading

විදෙස්

ධුරයෙන් නෙරපූ ප්‍රවාහන ඇමති සිය දිවි නසා ගනියි

Published

on

By

රුසියානු හිටපු ප්‍රවාහන අමාත්‍ය රෝමන් ස්ටාරොවොයිට් සිය දිවි නසාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ඊයේ (07) දින ස්ටාරොවොයිට් ප්‍රවාහන අමාත්‍ය ධුරයෙන් නෙරපා හැරියේය.

ඔහු මොස්කව් නගරයෙන් පිටත ඔහුගේ මෝටර් රථය තුළ වෙඩි වැදී මියගොස් සිටියදී සොයාගෙන ඇති අතර ප්‍රධාන උපකල්පනය වී ඇත්තේ ඔහු සිය දිවි නසාගෙන ඇති බවය.

2023 වසරේදී අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන් ලැබුණු ගිනි අවියක් භාවිත කර හිටපු අමාත්‍යවරයා සියදිවි නසාගෙන ඇති බවද මේ වන විට වාර්තා වී ඇත.

කෙසේ නමුත් පුටින් ඔහුව ප්‍රවාහන අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලද්දේ කුමන හේතුවක් මතද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.

නමුත් රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ යුක්‍රේනයේ ඩ්‍රෝන් ප්‍රහාවල ආරක්ෂක තර්ජනය හේතුවෙන් මෙන්ම පසුගිය ජූලි 5-6 දෙදින තුළ රුසියාවේ ප්‍රධාන ගුවන් තොටුපොළවල ගුවන් ගමන් 500කට ආසන්න ප්‍රමාණයක් නතර කිරීමට සිදුවීමෙන් පසුව ඔහුව රුසියානු ජනාධිපතිවරයා නෙරපා හැරි බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved