Connect with us

විදෙස්

යුරෝපා සංගමයේ භාණ්ඩවලටත් තීරු බදු පනවන්න සැරසෙන ජනපති ට්‍රම්ප්

Published

on

යුරෝපා සංගමයේ භාණ්ඩ සඳහා ද ඉතා ඉක්මනින් තීරු බදු ක්‍රියාත්මක කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

මෙක්සිකෝවට සහ කැනඩාවට සියයට 25ක තීරු බදු පැනවීමෙන් සහ චීනයට සියයට 10ක තීරු බදු පැනවීමෙන් දිනකට පසු ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස රටවල් කිහිපයක් සමඟ පවතින වෙළෙඳ යුද්ධය එක්සත් ජනපද ආර්ථිකයට වේදනාකාරී බව ට්‍රම්ප් පවසයි.

එක්සත් ජනපද අවශ්‍යතා සුරක්ෂිත කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ග ගත බවත්, චීනය මෙක්සිකෝව සහ කැනඩාව මත පැනවූ තීරුබදු දීර්ඝ කාලීනව නොපවතින බව ද ඔහු සඳහන් කර සිටියේය.

ඊයේ (02) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා 25%ක බද්දක් ඇමරිකාව විසින් පනවනු ලැබූ අතර, චීන භාණ්ඩ සඳහා පැනවූ 10% ක අතිරේක බද්ද හෙට (04) දිනයේ සිට සිට බලාත්මක බවය.

මේ අතර ට්‍රම්ප් විසින් යුරෝපා සංගමයට තීරු බදු අනතුරු ඇඟවීම සිදුකරන්නේ ලොව ධනවත්ම පුද්ගලයා වන එලොන් මස්ක් යුරෝපීය දේශපාලනයට පිවිසීමේ ප්‍රවණතාව මධ්‍යයේවීම විශේෂත්වයකි.

කෙසේ වෙතත්, ඊයේ යුරෝපා සංගමය පැවසුවේ අසාධාරණ ලෙස හෝ අත්තනෝමතික ලෙස යුරෝපා සංගම් භාණ්ඩ සඳහා තීරුබදු පනවන ඕනෑම වෙළඳ හවුල්කරුවෙකුට දැඩි ලෙස ප්‍රතිචාර දක්වන බවය.

විදෙස්

ඉන්දියාවේ කම්හලක ඇති වූ ගින්නෙන් 34කට දිවි අහිමිවේ

Published

on

By

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ ඖෂධ කම්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 34 දෙනෙක් මියගොස් තිබේ.

මළ සිරුරු 31 ක් පමණ සුන්බුන් වලින් ගොඩගෙන ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී තිදෙනෙකු රෝහලේදී මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිපිරීමත් සමග මෙම ගින්න හටගන්නා අවස්ථාවේ එම ගොඩනැගිල්ලේ පුද්ගලයින් 60 දෙනෙකු සිට ඇති බව සඳහන්ය.

ගින්නෙන් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව ඉන්දීය බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි

Continue Reading

විදෙස්

පාකිස්ථානයේ වැස්සෙන් ජීවිත 45ක් අහිමි වේ

Published

on

By

පාකිස්තානයට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් ඇතැයි එරට ආපදා කළමනාකරණ නිලධාරීන් පවසයි.

මියගිය අය අතර දරුවන් 10 දෙනෙකු වන බව වාර්තා වේ. මේ අතර, තවත් පුද්ගලයින් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

වර්ෂාවත් සමඟ ඇතිවු ගංවතුර තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ගමනා ගමනයට ද බාධා එල්ල වී ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් පාකිස්තානයට බලපා ඇති වර්ෂාපතන තත්වය ඉදිරි දින කිහිපයදීත් බලාපොරොත්තු විය හැකි බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

Continue Reading

විදෙස්

කැනඩාව සමග වෙළෙඳ සාකච්ඡා ට්‍රම්ප් වහාම අත්හිටුවයි

Published

on

By

කැනඩාව සමග ඇති වෙළෙඳ සාකච්ඡා වහාම අත්හිටුවන බවත් ඉදිරි සතිය තුළ කැනේඩියානු භාණ්ඩ සඳහා නව තීරුබදු අනුපාතයක් නියම කරන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

ජූලි මැද භාගය වන විට අමෙරිකාව සහ කැනඩාව වෙළෙඳ ගිවිසුමකට එකඟ වීමට කටයුතු කරමින් සිටියදී ට්‍රම්ප් විසින් මෙම හදිසි තීරණය ගෙන තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ ඇමසන් ඇතුළු අමෙරිකානු සමාගම් සඳහා කලින් පනවන ලද ඩිජිටල් සේවා බද්දක් කැනඩාව විසින් එළැඹෙන සඳුදා දින සිට නැවත ආරම්භ කිරීමට සැලසුම් කිරීමට පෙරය.

සිය Truth Social  ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ කැනඩාව විසින් අමෙරිකානු තාක්ෂණ සමාගම් සඳහා ඩිජිටල් සේවා බද්ධක් පනවන බවට නිවේදනය කර ඇති බවත් එය අමෙරිකාවට සෘජු හා පැහැදිළි ප්‍රහාරයක් වන බවය.

එමෙන්ම වසර ගණනාවක් පුරාවට කිරි නිෂ්පාදන සඳහා ගොවීන්ගෙන් 400%ක තීරුබදු කැනඩාව විසින් අයකරගෙන ඇති බවත් කැනඩාව යනු වෙළෙඳාම් කිරීමට ඉතා අපහසු රටක් බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සිය සටහන මගින් කැනඩාවට චෝදනා කර තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදී කැනඩාව සමග වෙළඳ සාකච්ඡා අවසන් කරන බවත් ඉදිරි දින 7 තුළ අමෙරිකා එක්සත් ජනපදය සමග ව්‍යාපාර කිරීමට ඔවුන් ගෙවන තීරුබදු සම්බන්ධව කැනඩාව දැනුවත් කරන බවත් සිය සටහන මගින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved