Connect with us

විදෙස්

රුසියාවේ හා උ. කොරියාවේත් සුනාමි අනතුරු ඇඟවීම්

Published

on

අද (01) දින ජපානයේ ඇතිවූ භූමිකම්පාවෙන් පසුව එරට බටහිර වෙරළේ මෙන්ම අසල්වාසී දකුණු කොරියාවේ මීටරයක් පමණ උසැති සුනාමි රළ වාර්තා වී ඇත.

රිච්ටර් මාපක 7.6ක ප්‍රබලත්වයක් සහිත මෙම භූකම්පනයෙන් අනතුරුව ජපන් බලධාරීන් ඉෂිකාවා, නීගතා හා තොයාමා යන ප්‍රදේශ වලට ප්‍රබල සුනාමි අනතුරු ඇඟවීම් සිදුකර තිබුණද පසුව, එම සුනාමි අනතුරේ බලපෑම අඩු බව පවසා තිබුණි.

කෙසේවෙතත්, එම ප්‍රදේශ වල වැසියන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇත.

රුසියාව හා උතුරු කොරියාවද සුනාමි අනතුරු ඇඟවීම් සිදුකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ වනවිට ජපානයේ භූකම්පනයෙන් නිවාස රැසකට හානි සිදුවී ඇති අතර, විපතට පත්වූවන් මුදවාගැනීමට හමුදා ඛණ්ඩ යොදවා ඇත. නිවාස 36,000කට වැඩි ප්‍රමාණයකට විදුලි බලය අහිමි වී ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

ඉදිරි දින වලදීද මෙවැනි භූකම්පන ඇති විය හැකි බව ජපන් බලධාරීන් තවදුරටත් අනතුරු අඟවයි.

විදෙස්

ජපානය, දකුණු කොරියාව ඇතුළු රටවල් 14කට අමෙරිකාවෙන් බදු

Published

on

By

ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 14කින් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමට අමෙරිකාව තීරණය කර තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් විසින් අදාළ තීරුබදු පැනවීම පිළිබඳව ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම තීරුබදු පැනවීම අගෝස්තු මස පළමුවන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ජපානය සහ දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 25ක තීරු බද්දක් පැනවීමට නියමිතව තිබේ.

ඊට අමතරව මියන්මාරය, ලාඕසය, තායිලන්තය, කාම්බෝජය, සර්බියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, දකුණු අප්‍රිකාව,  මැලේසියාව, ටියුනීෂීයාව යන රටවල් සඳහා ද ඊයේ (07) දිනයේ තීරු බදු පැනවීම සම්බන්ධයෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ.

මේ අතර ට්‍රම්ප් පරිපාලනය විසින් ඉදිරි පැය 48 ඇතුළත ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතුවලට අදාළ වැදගත් නිවේදන කිහිපයක් සිදුකිරීමට නියමිත බව අමෙරිකානු භාණ්ඩාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් අදාළ නිවේදනවල අඩංගු වන්නේ මොනවාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් දැනුම් දී නොමැති බව සඳහන්ය.

මේ අතර අමෙරිකානු තීරුබදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා සඳහන් කළේය.

Continue Reading

විදෙස්

ධුරයෙන් නෙරපූ ප්‍රවාහන ඇමති සිය දිවි නසා ගනියි

Published

on

By

රුසියානු හිටපු ප්‍රවාහන අමාත්‍ය රෝමන් ස්ටාරොවොයිට් සිය දිවි නසාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ඊයේ (07) දින ස්ටාරොවොයිට් ප්‍රවාහන අමාත්‍ය ධුරයෙන් නෙරපා හැරියේය.

ඔහු මොස්කව් නගරයෙන් පිටත ඔහුගේ මෝටර් රථය තුළ වෙඩි වැදී මියගොස් සිටියදී සොයාගෙන ඇති අතර ප්‍රධාන උපකල්පනය වී ඇත්තේ ඔහු සිය දිවි නසාගෙන ඇති බවය.

2023 වසරේදී අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන් ලැබුණු ගිනි අවියක් භාවිත කර හිටපු අමාත්‍යවරයා සියදිවි නසාගෙන ඇති බවද මේ වන විට වාර්තා වී ඇත.

කෙසේ නමුත් පුටින් ඔහුව ප්‍රවාහන අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලද්දේ කුමන හේතුවක් මතද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.

නමුත් රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ යුක්‍රේනයේ ඩ්‍රෝන් ප්‍රහාවල ආරක්ෂක තර්ජනය හේතුවෙන් මෙන්ම පසුගිය ජූලි 5-6 දෙදින තුළ රුසියාවේ ප්‍රධාන ගුවන් තොටුපොළවල ගුවන් ගමන් 500කට ආසන්න ප්‍රමාණයක් නතර කිරීමට සිදුවීමෙන් පසුව ඔහුව රුසියානු ජනාධිපතිවරයා නෙරපා හැරි බවය.

Continue Reading

විදෙස්

හූති කැරලිකරුවන්ට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

Published

on

By

ඊශ්‍රායලය, යේමනයේ හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබේ.

ඒ  කළු කොඩි මෙහෙයුමේ කොටසක් ලෙසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ , යේමනයේ හොඩෙයිඩා, රාස් ඊසා සහ සායිෆ් යන වරායන් තුනට සහ රාස් කනාටිබ් විදුලි බලාගාරයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර ඇති බවයි.

2023 වසරේ නොවැම්බර් මාසයේදී හූති කැරලිකරුවන් අල්ලා ගත් ගැලැක්සි ලීඩර් භාණ්ඩ නෞකාවට ද ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර තිබේ.

ප්‍රහාරයෙන් අනතුරුව X සටහනක් නිකුත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසුවේ, ඊශ්‍රායලයට හානි කිරීමට උත්සාහ කරන ඕනෑම කෙනෙකුට ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බවයි.

ඉරානයට අත් වූ ඉරණමට හා සමාන ඉරණමක් යේමනයට ද අත්විමට නියමිත බවට, ඔහු අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved