Connect with us

විදෙස්

ලොස් ඇන්ජලිස් ලැව්ගින්න පාලනයට බාධා

Published

on

අමෙරිකාවේ ලොස් ඇන්ජලිස්හි හටගෙන ඇති දරුණු ලැව්ගින්න පාලනය කිරීමට බාධා මතුව තිබේ.

ඒ, ගින්න නිවීම සඳහා ජලය හිඟ වීමත් සමගින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හදිසි ආපදාවකදී භාවිත කිරිමට ඔවුන් රැස්කර තිබූ ජලය අවසන් වී ඇතැයි සදහන් වේ.

එක් ප්‍රදේශයක පමණක් ලැව්ගින්න පාලනයට ජල ගැලුම් මිලියන 01 ක් මේ වන විටත් භාවිත කර ඇති බවයි ලොස් ඇන්ජලීස් ගිනි නිවන දෙපාර්තමේන්තුව පවසයි.

අධික ඉල්ලුම මධ්‍යයේ වුවද කඩිනමින් ගින්න නිවීමට අවශ්‍ය ජලය සොයාගත් බවද ඔවුන් පවසා තිබේ.

ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ වඩාත් විනාශකාරීම ලැව්ගින්න ලෙස සැලකෙන මෙම ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මේ වන විටත් ලක්ෂ 15කට වැඩි පිරිසකට විදුලිබල පහසුකම් අහිමි වී ඇත.

විනාශ වී ඇති භූමි අක්කර ප්‍රමාණය 26,000කි.

පුද්ගල මරණ 05ක් ද මේ වන විට වාර්තා වී තිබේ. සිය වාසස්ථානවලින් ඉවත් කර ඇති පිරිස ලක්ෂයකට අධිකය.

කෙසේවෙතත් මේ වන විට ගින්න දරුණු ලෙස පැතිර යාම පාලනය කර ඇතැයි වාර්තා වේ.

විදෙස්

ටෲඩෝ වෙනුවට ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ්

Published

on

By

කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ සිය ධුරයෙන් ඉල්ලා අස් වීමත් සමඟ එම තනතුර වෙනුවෙන් ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් තරඟ කිරීමට සුදානම් බව වාර්තා වේ.

කැනේඩියානු දේශපාලනඥයෙක් සහ මාධ්‍යවේදිනියක්වන ඇය මේ වන විට 57වන වියේ පසුවේ.

ඇන්ගස් රීඩ් ආයතනය විසින් කරන ලද සමීක්ෂණයකින් ඉදිරි මැතිවරණයකදී ලිබරල් පක්ෂයට වඩාත්ම ආකර්ෂණිය නායකයා වශයෙන් ෆ්‍රීලන්ඩ් හඳුනාගෙන ඇති තර ඇය මීළඟ ලිබරල් නායකයා හා මීළඟ අගමැති වීම අපේක්ෂා කරන අතර ඇය ටෲඩෝ ගේ ආණ්ඩුවේ හිටපු මුදල් අමාත්‍යවරිය හා උප අගමැතිනිය වේ.

පක්ෂය නායකත්ව තරඟයේ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කරන මාර්තු 9 වන දින ෆ්‍රීලන්ඩ් ජයග්‍රහණය කළහොත්, ඇය ජීන් ක්‍රේටියන්ට පසුව නියෝජ්‍ය තනතුරේ සිට අගමැති දක්වා මාරු වූ දෙවන කැනේඩියානු ජාතිකයා වනු ඇති අතර ඇය කැනේඩියානු ඉතිහාසයේ දෙවැනි අගමැතිනිය ද වනු ඇත.

Continue Reading

පුවත්

ගාසා තීරයේ සටන් විරාමයකට ඊශ්‍රායල කැබිනට් අනුමැතිය

Published

on

By

ගාසා තීරයේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා වන ගිවිසුමකට අත්සන් තැබීමට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.  

කැබිනට් අමාත්‍යවරුන්, හමාස් සංවිධානය සමග ගිවිසුම්ගත වීමට සිය අනුමැතිය ලබාදුන්නේ පැය 6ක පමණ රැස්වීමකින් අනතුරුව බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය නිවේදනය කර ඇත.

ඒ අනුව ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හෙට සිට ආරම්භ කිරීමට නියමිතය.

යුද්ධය අවසන් කිරීමේ පළමු අදියර ලෙස සැලකෙන මෙම සටන් විරාමය හරහා, සති හයක කාලයක් තුළ ගාසා හි රඳවා සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 33 දෙනෙකු සහ ඊශ්‍රායල බන්ධනාගාර වල රඳවා සිටින සියළුම පලස්තීන කාන්තාවන් සහ දරුවන් නිදහස් කෙරේ.

කෙසේ නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අද අලුයමද, ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් පලස්තීනුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි.

ඒ අනුව සටන් විරාමය පිළිබඳව නිවේදනය කෙරුණු පසුගිය බදාදා දිනයේ සිට මේ දක්වා මියගොස් ඇති පලස්තීනුවන් සංඛ්‍යාව 119ක් දක්වා ඉහළ ගොස් ඇති බවද පැවසේ.

ඊජිප්තුව සහ අමෙරිකාවේ මැදිහත්වීමෙන් කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර පැවති සාම සාකච්ඡා වලින් පසු මෙම සටන් විරාමය පිළිබඳව නිවේදනය කෙරිණ.

නමුත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පෙරේදා ප්‍රකාශ කළේ, හමාස් සංවිධානය විසින් ඇතැම් කොන්දේසි වෙනස් කිරීමට උත්සහ දරණ බැවින් ගිවිසුමට අත්සන් තැබීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දීම කල් දමන බවයි.

Continue Reading

විදෙස්

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 14 ක සිර  දඬුවමක්

Published

on

By

පාකිස්තාන අධිකරණයක් හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 14 ක සිර දඬුවමක් නියම කර තිබේ.

ඒ ඉඩම් දූෂණ නඩුවක් සම්බන්ධයෙනි.

මෙයඉම්රාන් ඛාන් මුහුණ දුන් මූල්‍යමය වැරදි සම්බන්ධයෙන් විශාලතම නඩුව බව සඳහන්ය.

2023 අගෝස්තු මාසයේ සිට ඛාන් සිරගත කර ඇති රාවල්පින්ඩි හි දූෂණ විරෝධී අධිකරණයක් විසින් මෙම තින්දුව ලබා දෙන ලදී.

72 හැවිරිදි, හිටපු ක්‍රිකට් තරුවක් වූ ඉම්‍රාන්, 2018 සිට 2022 දක්වා ඔහුගේ අගමැති ධූර කාලය තුළ නීති විරෝධී අනුග්‍රහයන් සඳහා දේපළ වෙළඳාම් කරන්නෙකු විසින් ඔහුට සහ ඔහුගේ බිරිඳට ඉඩම් තෑගි කළ බවට මෙහිදී චෝදනා එල්ල වී තිබුණි.

නඩුව කැඳවූ අවස්ථාවේදී ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බිබී වරදකරුවන් නොවන බව පවසා තිබුණි.

වෙනත් නඩුවකට අදාලව ඇප මත නිදහස්ව සිටි බුෂ්රා බිබී, නඩුවේදී ද වරදකරු වූ පසු අත්අඩංගුවට ගත් බව සඳහන්ය.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීම තුන් වතාවක් ප්‍රමාද වූයේ, මෑතකදී රජය සහ ඛාන්ගේ පක්ෂය අතර සාකච්ඡා මධ්‍යයේයි.

කෙසේ වෙතත්, මෙම තීන්දුව ඛාන් සහ ඔහුගේ පක්ෂයට ලැබුණු විශාලතම පසුබෑම බව විචාරකයන් පවසයි.

2022 අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තු විශ්වාසය පිළිබඳ ඡන්දයකින් ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු, ඉම්රාන් ඛාන් 2023 අගෝස්තු මාසයේ සිට සිරගත කර සිටියි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved