Connect with us

විදෙස්

ලොස් ඇන්ජලීස් ලැව් ගින්නෙන් මිය ගිය ගණන ඉහළට

Published

on

ලොස් ඇන්ජලීස් හි පැතිර යන ලැව්ගින්න හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

බලධාරීන් පවසන්නේ අවම වශයෙන් තවත් 16 දෙනෙකු පමණ අතුරුදහන් වී ඇති බවය.

මේ අතර ඉරිදා රාත්‍රියේ සිට බදාදා දක්වා වියළි සැන්ටා ඇනා සුළං නැවත ඉහළ යනු ඇති බවත්, එය පැයට සැතපුම් 60 දක්වා වේගයක් ලබා ගන්නා බවත් කැලිෆෝනියාවේ කාලගුණ අනාවැකිකරුවන් අනතුරු අඟවයි.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ‘පැලිසේඩ්ස්’ සහ ‘ඊටන්’ ගින්න පැතිරීම පාලනය කිරීම යම් ප්‍රගතියක් ලබා ගෙන ඇති බවය.

ඇමරිකානු ගිනි නිවන භටයින්ට මෙන්ම සහයට පැමිණ සිටින කැනඩා සහ මෙක්සිකෝ ගිනි නිවන භටයින් මෙම ගින්න තව දුරටත් පැතිරීම වැලැක්වීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බව සඳහන්ය.

මේ අතර ලැව්ගින්නෙන් මියගිය අයගෙන් 16 දෙනෙකු ‘ඊටන්’ ගින්නට හසුව මියගොස් ඇති අතර, අටදෙනෙකු ‘පලිසේඩ්ස්’ ගන්න පැතිරී ගිය කලාපයෙන් හමු වූ බවයි වාර්තා වේ.

ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි තුනක් තවමත් සක්‍රියව පවතින අතර, විශාලතම ගින්න ‘පලිසේඩ්ස්’ බව වාර්තා වේ.

එම ගින්න මේ වනවිට අක්කර 23,000 කට වඩා පැතිරී ගොස් ඇති අතර එට 11% ක් පාලනය කර ඇති බව සඳහන්ය.

‘ඊටන්’ ගින්න දෙවන විශාලතම ගින්න වන අතර, එය අක්කර 14,000 කට වඩා පැතිර ගොස් තිබේ.

ලොස් ඇන්ජලීස් බලධාරීන් සඳහන් කළේ,මෙම ගින්නෙන් 27% ක් පාලනය කර ඇති බවයි. 

‘හර්ස්ට්’ ගින්න අක්කර 799ක් දක්වා මේ වනවිට වර්ධනය වී ඇති අතර, එය සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කිරීමට සමත්ව ඇති බවයි මේ වනවිට තොරතුරු වාර්තා වේ.

විදෙස්

ඉන්දියාවේ කම්හලක ඇති වූ ගින්නෙන් 34කට දිවි අහිමිවේ

Published

on

By

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ ඖෂධ කම්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 34 දෙනෙක් මියගොස් තිබේ.

මළ සිරුරු 31 ක් පමණ සුන්බුන් වලින් ගොඩගෙන ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී තිදෙනෙකු රෝහලේදී මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිපිරීමත් සමග මෙම ගින්න හටගන්නා අවස්ථාවේ එම ගොඩනැගිල්ලේ පුද්ගලයින් 60 දෙනෙකු සිට ඇති බව සඳහන්ය.

ගින්නෙන් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව ඉන්දීය බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි

Continue Reading

විදෙස්

පාකිස්ථානයේ වැස්සෙන් ජීවිත 45ක් අහිමි වේ

Published

on

By

පාකිස්තානයට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් ඇතැයි එරට ආපදා කළමනාකරණ නිලධාරීන් පවසයි.

මියගිය අය අතර දරුවන් 10 දෙනෙකු වන බව වාර්තා වේ. මේ අතර, තවත් පුද්ගලයින් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

වර්ෂාවත් සමඟ ඇතිවු ගංවතුර තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ගමනා ගමනයට ද බාධා එල්ල වී ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් පාකිස්තානයට බලපා ඇති වර්ෂාපතන තත්වය ඉදිරි දින කිහිපයදීත් බලාපොරොත්තු විය හැකි බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

Continue Reading

විදෙස්

කැනඩාව සමග වෙළෙඳ සාකච්ඡා ට්‍රම්ප් වහාම අත්හිටුවයි

Published

on

By

කැනඩාව සමග ඇති වෙළෙඳ සාකච්ඡා වහාම අත්හිටුවන බවත් ඉදිරි සතිය තුළ කැනේඩියානු භාණ්ඩ සඳහා නව තීරුබදු අනුපාතයක් නියම කරන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

ජූලි මැද භාගය වන විට අමෙරිකාව සහ කැනඩාව වෙළෙඳ ගිවිසුමකට එකඟ වීමට කටයුතු කරමින් සිටියදී ට්‍රම්ප් විසින් මෙම හදිසි තීරණය ගෙන තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ ඇමසන් ඇතුළු අමෙරිකානු සමාගම් සඳහා කලින් පනවන ලද ඩිජිටල් සේවා බද්දක් කැනඩාව විසින් එළැඹෙන සඳුදා දින සිට නැවත ආරම්භ කිරීමට සැලසුම් කිරීමට පෙරය.

සිය Truth Social  ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ කැනඩාව විසින් අමෙරිකානු තාක්ෂණ සමාගම් සඳහා ඩිජිටල් සේවා බද්ධක් පනවන බවට නිවේදනය කර ඇති බවත් එය අමෙරිකාවට සෘජු හා පැහැදිළි ප්‍රහාරයක් වන බවය.

එමෙන්ම වසර ගණනාවක් පුරාවට කිරි නිෂ්පාදන සඳහා ගොවීන්ගෙන් 400%ක තීරුබදු කැනඩාව විසින් අයකරගෙන ඇති බවත් කැනඩාව යනු වෙළෙඳාම් කිරීමට ඉතා අපහසු රටක් බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සිය සටහන මගින් කැනඩාවට චෝදනා කර තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදී කැනඩාව සමග වෙළඳ සාකච්ඡා අවසන් කරන බවත් ඉදිරි දින 7 තුළ අමෙරිකා එක්සත් ජනපදය සමග ව්‍යාපාර කිරීමට ඔවුන් ගෙවන තීරුබදු සම්බන්ධව කැනඩාව දැනුවත් කරන බවත් සිය සටහන මගින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved