Connect with us

විදෙස්

ලෝක ප්‍රකට අවන්හල් ජාලයක ආහාරයක් විෂ වීමෙන් දරුණු වසංගත තත්ත්වයක්

Published

on

ලෝක ප්‍රකට අවන්හල් ජාලයක් වන McDonald’s හි ‘Quarter Pounder hamburgers’ ආහාරයට ගැනීමෙන් පසු දරුණු ලෙස පැතිර යන E. coli බැක්ටීරියා තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයෙක් මියගොස් තවත් සැලකිය ‍යුතු පිරිසක් රෝගාතුරව ඇති බවට පුවතක් එක්සත් ජනපදයෙන් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ඊයේ (22) එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) ප්‍රකාශයක් ද නිකුත් කර තිබුණි

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මෙම තත්ත්වය සැප්තැම්බර් අග දී ආරම්භ වූ බවත් මේ වන විට බටහිර ප්‍රාන්ත 10 ක් පුරා පැතිරී ඇති බවය.

ඒ අනුව වාර්තා වී ඇති රෝගීන් 49 න් වැඩි ප්‍රමාණයක් කොලරාඩෝ සහ නෙබ්‍රස්කා හි රෝගීන් වන බව සඳහන්ya.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මෙම නිවේදනයෙන් පැයකට පසු මැක්ඩොනල්ඩ්ස් හි කොටස් සියයට හයකට වඩා පහත වැටී ඇති බවය.

මෙලෙස පැතිර යන රෝගී තත්ත්වයන් අතර වකුගඩුවල රුධිර වාහිනීවලට හානි කරන බරපතල තත්වයක් වන ‘hemolytic uremic syndrome’ තත්ත්වය ද හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම හේතුවෙන් එක් දරුවෙක් ඇතුළු තවත් දස දෙනෙකු රෝහල් ගතකර ඇති බව සඳහන්. කොලරාඩෝ හි එක් වැඩිහිටි පුද්ගලයෙක් මිය ගොස් ඇත්තේ ද එම තත්ත්වය හේතුවෙන් බව සඳහන්ය.

සමස්තයක් ලෙස වාර්තා වූ රෝගීන්ගේ රෝග ලක්ෂණ E. coli බැක්ටීරියාව හා සම්බන්ධ බවත්, ඔවුන් රෝග ලක්ෂණ පහළ වීමට පෙර මැක්ඩොනල්ඩ්ස් වෙතින් ආහාර ලබාගත්තවුන් වන බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අතරත් විශේෂයෙන් හඳුනාගත හැකිව තිබෙන්නේ රෝගී පුද්ගලයින් මැක්ඩොනල්ඩ්ස් හි ‘Quarter Pounder hamburgers’ ආහාරයට ගෙන ඇති බවය.

මෙවන් තත්ත්වයක් ඇතිවීමට බලපෑම් කළ හැකි නිශ්චිත අමුද්‍රව්‍ය තවමත් හඳුනාගෙන නොමැති බව සඳහන්. කෙසේ නමුත් දැනට බලපෑමට ලක් වූ ප්‍රාන්තවල අවන්හල්වලින් පෙති කපන ලද ලූණු සහ හරක් මස් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් මැක්ඩොනල්ඩ්ස් USA හි සභාපති Joe Erlinger සඳහන් කර ඇත්තේ, මැක්ඩොනල්ඩ්ස් හි සියලු දෙනාට ම ආහාර සුරක්ෂිතතාව ඉතා වැදගත් වන බවත් තෝරාගත් ප්‍රාන්තවල අදාළ hamburgers සඳහා භාවිත කරන පෙති කපන ලද ලූණු කල්තියා ම ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත් ඇතැම් අවන්හල්වලින් තාවකාලිකව එම hamburgers ඉවත් කිරීමට ද තීරණය කර ඇති බවය.

එමෙන්ම ‘Quarter Pounder hamburgers’ ආහාරයට ගෙන මේ වන විට පාචනය, උණ සහ වමනය වැනි රෝග ලක්ෂණවලින් පෙළෙන අයෙක් වේ නම්, වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය අවධාරණය කරයි.

විදෙස්

ටෙක්සාස් හි ගංවතුර නිසා මරණ සංඛ්‍යාව තවත් ඉහළට

Published

on

By

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ටෙක්සාස් ප්‍රාන්තයේ ග්වාඩලූප් ගඟ දිගේ ජල මට්ටම ඉහළ යෑමෙන් ඇති වූ මෙම ගංවතුර නිසා තවත් බොහෝ පිරිසක් අතුරුදහන් වී ඇත.

Continue Reading

විදෙස්

අමෙරිකානු තීරුබදු අනුපාත අද සිට ලිපි මගින් එක් එක් රටට

Published

on

By

තීරුබදු විරාමය ජූලි 9 වන දින අවසන් වීමට පෙර, තම පරිපාලනය රටවල්වලට යටත් වන තීරුබදු අනුපාත පිළිබඳව දැනුම් දෙමින් ලිපි යවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
 
ඔහු පවසා සිටියේ අද (04) සිට එම ලිපි යැවීම ආරම්භ කරන බවය.
 
වියට්නාමය සමඟ බදාදා ප්‍රකාශයට පත් කරන ලද වෙළඳ ගිවිසුමකට අමතරව “තවත් ගිවිසුම් කිහිපයක්” අත්සන් කිරීමට අපේක්ෂා කරන බව ද  ජනපතිවරයා විසින් සඳහන් කර ඇත.

Continue Reading

විදෙස්

මගී නෞකාවක් පෙරළි සිව්දෙනෙකු මියගොස් 38ක් අතුරුදහන්

Published

on

By

ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් මේ වන විට සිව්දෙනෙකු මියගොස් 38 දෙනෙකු අතුරුදහන් වී 23 දෙනෙකු දිවි ගලවා ගෙන ඇති බව වාර්තා වේ.

නැගෙනහිර ජාවා හි බන්යුවන්ගි වරායෙන් ඊයේ (02) බාලි බලා මෙම මගී නෞකාව පිටත්ව ගොස් ඇත.

ගමන ආරම්භ කර පැය භාගයකට පමණ පසු මෙම නෞකාව පෙරළි ගිලී ගොස් ඇති සඳහන් වේ.

බෝට්ටුවේ මගීන් 53 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු සිට ඇති අතර එම නෞකාවේ ට්‍රක් රථ 14ක් ඇතුළුව රථ වාහන 22 ක් ද තිබී ඇති බව වාර්තා වේ.

අතුරුදහන් වූවන් සෙවීමේ කටයුතු සිදුවෙමින් පවතින නමුත් අයහපත් කාලගුණය හේතුවෙන් දැඩි බාධා එල්ල වී බව සඳහන් වේ.

දූපත් 17,000 කට වඩා වැඩි දූපත් සමූහයක් වන ඉන්දුනීසියාවේ මෙම මගී නෞකා සාමාන්‍ය ප්‍රවාහන ක්‍රමයක් වන අතර, ප්‍රමාණවත් ජීවිතාරක්ෂක උපකරණ නොමැතිව මෙම නෞකා යාත්‍රා කරන අතර දැරිය නොහැකි තරමට බර පටවා ගැනීම හේතුවෙන් අනතුරු බහුලව සිදු වන බව සඳහන් වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved