සිය අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථකව අවසන් කළ චීනයේ ශෙන්ජෝ-දහඅට (shen-jo 18) ගගනගාමීන් තිදෙනා රැගත් අභ්‍යවකාශ යානයේ කැප්සියුලය, නොවැම්බර් 04 වැනිදා යළි පෘථිවියට පැමිණියේය.
ටියැංගොං (Tian-gong) අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ගමන් ඇරඹූ මෙම යානය, බෙයිජිං වේලාවෙන් අලුයම 1.24ට පමණ පෘථිවියට පතිත විය.
මේ සඳහා ඉනර් මොංගෝලියා ස්වායන්තයේ පිහිටා ඇති ඩොංෆ(ර්)ං ගොඩබෑමේ ස්ථානයේ සියලු කටයුතු සූදානම්ව තිබුණු අතර, සෙවුම් හා ගලවාගැනීමේ හෙලිකොප්ටර් යානා කිහිපයක්ද සීරුවෙන් තබා තිබුණි.
දින 192ක් පුරා අභ්‍යවකාශයේ රැඳී සිටි ය’ ගුවංෆු (Ye Guang-fu), ලී ත්සොං (Li th-song) හා ලී ගුවංසු (Li Guang-su) නම් මෙම ගගණගාමීන් තිදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව චීන අභ්‍යවකාශ බලධාරීන් පවසයි.
කැප්සියුලයෙන් පිටතට පැමිණීමෙන් පසුව චීනයේ සීසී-ටීවී (CCTV) මාධ්‍ය ජාලය වෙත අදහස් දැක්වූ ඔවුහු, සාර්ථකව සිය මෙහෙයුම අවසන් කිරීමට හැකිවීම පිළිබඳව සිය ආඩම්බරය හා සතුට පළ කළහ.
ඒ අනුව, සයමසක් පුරාවට සිදුකෙරුණු ෂෙන්ජෝ 18 අභ්‍යාවකාශ මෙහෙයුම මෙසේ සාර්ථකව අවසන් විය.