Connect with us

විදෙස්

සුළඟට සූදානම් වෙන ලොස් ඇන්ජලීස් වැසියන්

Published

on

ලැව්ගිනි ව්‍යාප්තියට උපකාරී වන තද සුළං ප්‍රවාහය නැවත ඇති විය හැකි බවට වන කාලගුණ අනාවැකිවලින් පෙනී යන බැවින් ලොස් ඇන්ජලීස් වැසියන් තවදුරටත් ව්‍යසනකාරී තත්ත්වයට සූදානම් වෙමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ලොස් ඇන්ජලීස් නගරාධිපති කැරන් බාස් පවසා සිටින්නේ පුරෝකථනය කර ඇති සුළංවලට පෙර “හදිසි සූදානම් වීම්” සිදු කරමින් සිටින බවය.

එසේම ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත ගිනි නිවන ප්‍රධානී ඇන්තනි මැරෝන් ප්‍රාන්ත පදිංචිකරුවන්ට දැනුම් දී ඇත්තේ ‘ඕනෑම හදිසි ඉවත් කිරීමේ නියෝගයකට’ අවනත වීමට සූදානම්ව සිටින ලෙසයි.

මේවන විට ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් ඇතැයි සදහන් වේ.

විශාලතම හානියක් සිදුව ඇති පැලිසේඩ්ස් හි ලැව් ගිනි හේතුවෙන් අක්කර 23,000 කට වඩා දැවී ගොස් ඇති අතර සඳුදා සවස වන විට 14% ක් ගින්න පාලනය කර ඇති බව කියැවේ.

ඊටන් සහ පැලිසේඩ්ස් ගිනි නිවන කලාපවල පුද්ගලයින් 23දෙනෙකු අතුරුදන්ව ඇත.

මේ අතර ඊයේ බලධාරීන් නිවේදනය කර තිබුණේ කොල්ලකෑම් සම්බන්ධයෙන් පුද්ගලයින් නව දෙනෙකු සහ ගිනි තැබීම් සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගුවට ගත් බවයි.

විදෙස්

ට්‍රම්ප්ට කටාර් රාජ්‍යයෙන් ලැබුණු තෑග්ග ඇමරිකා රජය පිළිගනී

Published

on

By

කටාර් රාජ්‍යයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලබාදුන් ගුවන් යානය අමෙරිකානු රජය විසින් පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ නිල ගුවන් ප්‍රවාහය වන එයාර් ෆෝස් වන් බලඇණිය සඳහා කටාර් රාජ්‍ය විසින් බෝයි 747 වර්ගයේ ගුවන් යානයක් තැගී ලෙස ලබා දෙන ලදී.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර ඇත්තේ, සියලු නීති රේගුලාසීවලට අනුව අදාළ යානය අමෙරිකානු රජය විසින් පිළිගෙන ඇති බවය.

කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ නිල ගුවන් ප්‍රවාහය වන එයාර් ෆෝස් වන් බලඇණිය සඳහා අදාළ ගුවන් යානය භාවිත කිරීමට පෙර එහි වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට අවශ්‍ය වනු ඇති බව ධවල මන්දිරය පෙන්වා දී තිබේ.

කටාර් රාජකීය පවුල විසින් අමෙරිකානු ජනාධිපතිවරයා වෙත ලබාදුන් මෙම ගුවන් යානය අමෙරිකානු ඩොලර් මිලියන 400ක පමණ වටිනාකමකින් යුක්ත වන අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධුර කාලයෙන් පසුව එය ඔහුගේ පුස්තකාලයට ලබාදීමට නියමිතය.

Continue Reading

විදෙස්

ට්‍රම්ප්ගේ  Golden Dome සැලසුම

Published

on

By

ගෝල්ඩන් ඩෝම් නම්, ඊශ්‍රායල ආරයේ මිසයිල ආරක්ෂණ පද්ධතියක් නිර්මාණය කිරීමට වන සැලසුමක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනාවරණය කළේය.

වසර තුනකදී ඉදිකිරීමට සැලසුම්ගත මේ ගුවන් ආරක්ෂණ පද්ධතියට වැයකිරීමට නියමිත පිරිවැය අමෙරිකානු ඩොලර් බිලියන 175කි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්,  

“අමෙරිකානු භූමිය විදෙස් මිසයිල ප්‍රහාරයකින් ආරක්ෂා කරගන්න නවීන මිසයිල ආරක්ෂණ පද්ධතියක් සකස් කරන බවට මැතිවරණ ව්‍යාපාරය අතර මම පොරොන්දු වුණා. එහි කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වුණාම ලෝකයේ අනෙක් කොනේ සිට හෝ අභ්‍යවකාශයේ සිට හෝ පැමිණෙන මිසයිලයකින් වුවත් රට ආරක්ෂා කිරීමට ගෝල්ඩන් ඩෝම් පද්ධතියට හැකියාව පවතිනවා. ඔබ දන්නා පරිදි ඊශ්‍රායලයේ පද්ධතිය සැකසීම අපි සහාය දුන්නා. එය අති සාර්ථකයි. අපි සතුව දැන් ඊටත් වඩා දියුණු තාක්ෂණයක් පවතිනවා”

මෙම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 175ක් පමණක් වැය වෙතැයි ට්‍රම්ප් පැවසුවත්, ඊට අමෙරිකානු ඩොලර් බිලියන 500කට ආසන්න වනු ඇති බවයි කොංග්‍රසය ගණන් බලා ඇත.

Continue Reading

විදෙස්

ජෝ බයිඩන්ට පිළිකාවක්

Published

on

By

ඇමරිකා හිටපු ජනපති ජෝ බයිඩන් දරුණු ගණයේ පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පෙලෙන බව ඔහුගේ කාර්යාලය නිවේදනය කරයි.

හිටපු ඇමරිකා ජනපති ජෝ බයිඩන් මේ වනවිට 82 වන වියේ පසුවේ.

මෙම පුරස්ථි ග්‍රන්ථි පිළිකාව ඔහුගේ අස්ථි දක්වා  පැතිරී ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරයා පිළිකා රෝගියකු බව අනාවරණය වී ඇත්තේ පසුගිය සිකුරාදා දිනයේය.

පසුගිය ජනවාරි මාසයේ ධුරයෙන් ඉවත් වූ බයිඩන් මුත්‍රා ආසාදනයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට වෛද්‍යවරයෙකු හමුවීමෙන් පසුවයි මේ බව අනාවරණය වී ඇත.

බයිඩන් හිටපු ජනාධිපතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර සමාලෝචනය කරමින් සිටින බව වාර්තා වේ.

ඔහුගේ කාර්යාලය තවදුරටත් පැවසුවේ පිළිකා තත්ත්වය කළමනාකරණය කර ගත හැකි බවය.

මේ අතර ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ජෝ බයිඩන්ගේ මෑත කාලීන රෝග තත්ත්වය ගැන අසා කණගාටු වන බව පවසා තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved