Connect with us

විදෙස්

හැරිස් සමග අලුත් පිටුවක් පෙරලන ලෙස ඔබාමාගෙන් ඉල්ලීමක්

Published

on

ඩිමොක්‍රටික් ජාතික සමුළුවේ දෙවන රාත්‍රිය හිටපු අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමා සහ මිෂෙල් ඔබාමා දෙදෙනාගේ සහභාගීත්වයෙන් වර්ණවත් වී තිබුණි

ඔවුන් දෙදෙනාම අමෙරිකානුවන්ගෙන් ඉල්ලා ඇත්තේ, කමලා හැරිස් සමගින් අමෙරිකාවේ නව පරිච්ඡේදයක් පෙරලන ලෙසය.

චිකාගෝ හි පිරී ඉතිරී ගිය ප්‍රේක්ෂකයින්ව වේදිකාවක සිට අමතමින් ඇය සමඟ “නව අමෙරිකාවක්” ගොඩනැගීමට සහාය දෙන ලෙසයි ඔවුන් දෙදෙනා ඡන්දදායකයින් ඉල්ලා ඇත.

මිෂෙල් ඔබාමා සිය කතාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට සෘජුවම සමච්චල් කරමින්, ප්‍රශ්න කර ඇත්තේ, ජනාධිපති වීම යනු ඔහු “කළු රැකියාවක්” සඳහා තරඟ කරන බව ඔහු නොදන්නේද යන්නයි.

සංක්‍රමණිකයන් එක්සත් ජනපදයේ “කළු රැකියා” ලබා ගන්නා බව පැවසීම හේතුවෙන් රිපබ්ලිකන් අපේක්ෂක ට්‍රම්ප් දැඩි විවේචනයට ලක්ව තිබේ.

ට්‍රම්ප් මෙන් නොව කමලා හැරිස් යනු බහුතර අමෙරිකානුවන් මෙන් සාමාන්‍ය ජීවිතයක් ගත කර ඉහළට පැමිණි කාන්තාවක් බව මිචෙල් ඔබාමා සිය කතාවේදී අවධාරණය කර තිබේ.

ආවේගශීලීව තම අදහස් පළ කර ඇති හිටපු අමෙරිකානු ජනපති බැරක් ඔබාමා මෙහිදී අවධාරණය කර ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චිත්‍රපටය මීට පෙර අමෙරිකානුවන් දැක ඇති බවය.

ඒ නිසා නැවතත් ඔහුගේ රංගනයක් නැරඹීමට අමෙරිකානුවන්ට අවශ්‍ය නැති බව සිහි තබාගෙන උප ජනපති කමලා හැරිස් ජනපති බවට පත් කළ යුතු බව ඔහු සඳහන් කර ඇත.

දින හතරක් පුරා පැවැත්වෙන මෙම ඩිමොක්‍රටික් සමුළුව මගින් ජනාධිපති අපේක්ෂකයා ලෙස කමලා හැරිස්ව නිල වශයෙන් අභිෂේක කරනු ඇත.

මීට පෙර ඝාතන තැතකින් දිවි ගලවා ගැනීමෙන් පසු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මාසයේ ඔහුගේ සමුළුව පැවැත්වූයේය.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

විදෙස්

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට යළි අවසර

Published

on

By

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරුබදු නියෝග යළි තාවකාලිකව බලාත්මක කිරීමට එරට ෆෙඩරල් අභියාචනාධිකරණයෙන් ඊයේ (29) අවසර හිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව මෙම හදිසි බලතල නීතිය යටතේ තීරුබදු එකතුකිරීම තවදුරටත් සිදුකරගෙන යාමට ට්‍රම්ප් පරිපාලනයට අවසර හිමිවිය.

මෙම බදු ප්‍රතිත්තිය අත්හිටුවීමේ නියෝගයක් අමෙරිකානු වාණිජ අධිකරණයක් විසින් ඊයේ (29) නිකුත්කර තිබුණි.

මෙම නියෝගය ලබාදෙමින් වාණිජ අධිකරණය සඳහන් කළේ, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමග වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී බලයක් ලබා දී ඇති බවයි.

ඒ හේතුවෙන් එක්සත් ජනපද ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ හදිසි බලතල මගින් එම බලය ඉක්මවා යා නොහැකි බවය.

ධවල මන්දිරය විසින් ක්‍රියාත්මක කරන ලද හදිසි නීතියක් මගින් ජනාධිපතිවරයාට සෑම රටකටම පාහේ තීරුබදු පැනවීමට ඒකපාර්ශ්වික බලයක් ලබා නොදෙන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් වැඩිදුරටත් තීන්දුකර තිබුණි.

කෙසේ වෙතත් ට්‍රම්ප් පරිපාලනය විසින් එම නියෝගය ඉදිරිපත්කර විනාඩි කිහිපයක් ඇතුළත එරට ෆෙඩරල් අභියාචනාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කර ඇත.

Continue Reading

විදෙස්

ට්‍රම්ප්ගේ බදු පැනවීම අධිකරණයෙන් අත්හිටුවයි

Published

on

By

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවා තිබේ.

ඊයේ (28) දිනයේ ලබාදුන් මෙම නියෝගය ඔහුගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි පහරදීමක් බව සඳහන් වේ.

මෑන්හැටන්හි පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙමින් සඳහන් කර ඇත්තේ, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමඟ වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී බලයක් ලබා දී ඇති බවත්, එක්සත් ජනපද ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ හදිසි බලතල මගින් එම බලය ඉක්මවා යා නොහැකි බවත්ය.

ධවල මන්දිරය විසින් ක්‍රියාත්මක කරන ලද හදිසි නීතියක් මගින් ජනාධිපතිවරයාට සෑම රටකටම පාහේ තීරුබදු පැනවීමට ඒකපාර්ශ්වික බලයක් ලබා නොදෙන බව ද ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් වැඩිදුරටත් තීන්දු කර ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් ට්‍රම්ප් පරිපාලනය විසින් අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved