Connect with us

විදෙස්

හිටපු අගමැතිගේ සිරදඬුවම වසරකට සීමා වෙයි

Published

on

තායිලන්තයේ රජු විසින් එරට හිටපු අග්‍රාමාත්‍ය තක්සින් ෂිනවත් ට එරෙහිව පනවා තිබූ වසර 08ක සිර දඬුවම වසරක් දක්වා අඩුකර තිබේ.

වසර 15ක් පුරාවට සිය රටෙන් පිටව සිටි තක්සින්, පසුගිය මාසයේදී සිය රටට යළිත් යාමෙන් අනතුරුව වහාම සිරගත කරනු ලැබුණි.

නමුත් ඔහු මේ වනවිට රජයේ රෝහලක සුපිරි වාට්ටුවක සිටින අතර ඔහුව රෝහල්ගත කර තිබුණේ හෘදයාබාධ තත්ත්වයක් ඇතිවූ බව පවසමිනි.

එවකට තායිලන්ත අගමැතිවරයා ලෙස කටයුතු කළ තක්සින් ව හමුදා නායකයින් විසින් 2006 වසරේදී බලයෙන් පහකෙරිණි.

අනතුරුව ඔහුට එරෙහිව දුෂණ සහ වංචා චෝදනා එල්ලකළ අතර හිටපු අගමැතිවරයා පැවසුවේ එම චෝදනා දේශපාලනමය කරුණු මත එල්ලකර ඇති බවය.

පුවත්

IMF හා එකඟතාවයට පාකිස්තානය අමාත්‍යංශ 6ක් වසා දමයි

Published

on

By

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු 150,000ක් පමණ අහෝසි කිරීමටත්, අමාත්‍යාංශ 6 වසා දැමීමටත්, තවත් අමාත්‍යාංශ දෙකක් ඒකාබද්ධ කිරීමටත් තීරණය කර තිබේ.

පසුගිය සැප්තැම්බර් 26 දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවසානයේ ආධාර පැකේජයට අනුමැතිය ලබා දුන් අතර, පකිස්තානය වියදම් කපා හැරීමට, බදු හා දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතය වැඩි කිරීමට, කටයුතු කිරීමෙන් පසු පළමු වාරිකය ලෙස ඩොලර් බිලියන 1කට වැඩි මුදලක් නිකුත් කෙරුණි.

අදාළ සාකච්ඡා සඳහා සහභාගි වී ඇමෙරිකාවේ සිට ආපසු පැමිණි පසු මුදල් අමාත්‍ය මුහම්මද් අවුරන්ග්සෙබ් කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩපිළිවෙලක් අවසන් කර ඇති බවත් එය පාකිස්තානයේ අවසාන වැඩසටහන වන බවත්ය.  

Continue Reading

විදෙස්

තායිලන්ත බස් අනතුරෙන් දරුවන් 20ක් මරුට

Published

on

By

ක්ෂේත්‍ර චාරිකාවක නිරතව සිටි තායිලන්තයේ පාසල් සිසුන් සහ ගුරුවරුන් පිරිසක් සිටි බස් රථය ගිනි ගැනීමෙන් 20 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියගිය දරුවන් 20 දෙනෙකුගේ සිරුරු හමුවී ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

අද (01) එම අනතුර සිදුව ඇත්තේ තායිලන්ත අගනුවරට ආසන්න ප්‍රදේශයකදීය.

අනතුරෙන් 19 දෙනෙකු දිවිගලවාගෙන ඇති බවත් ඉන් තුවාල ලැබූ 16 දෙනෙක් රෝහල්ගත කර ඇති බවත් වාර්තා වේ.

Continue Reading

පුවත්

චීන ජාතික දිනය වෙනුවෙන් ටියැන්අන්මන් චතුරස්‍රය සූදානම (වීඩියෝ)

Published

on

By

චීනයේ බෙයිජිං අගනුවර පිහිටි ටියැන්-අන්-මන් (Tian-an-men) චතුරස්‍රය මේ දිනවල මීටර් 18ක් උසැති මල් පැසකින් සරසා තිබේ.

ඒ, හෙට ට (ඔක්තෝබර් 01 දා) යෙදී ඇති චීන ජාතික දිනය වෙනුවෙනි.

මෙය වටා මල් සැරසිලි යෙදීමෙන් පසුව මහජනයාට විවෘත කෙරුනු ඇත.

මේ වන විටත් මෙම සැරසිල්ල සමග පෙනී සිටිමින් ඡායාරූප ගැනීමට දෙස් විදෙස් සංචාරකයන් රැසක් ටියැන්-අන්-මන් (Tian-an-men) චතුරස්‍රය ඇදී එමින් සිටින බව වාර්තා වේ.

වසර 2011 සිට මෙවැනි සැරසිල්ලක් චීන ජාතික දිනයට පෙර ටියැන්-අන්-මන් (Tian-an-men) චතුරස්‍රයට එක්කෙරේ.

සජීව විකාශය 
මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය සැමරීම සඳහා බීජිං නගරයේ ටියැන්-අන්-මන්  Tian’anmen චතුරශ්‍රයේදී චීන ජාතික කොඩිය එසවීමේ උත්සවයක් හෙට (ඔක්තෝබර් 1) සජීවී (බීජිං වේලාවෙන් උදෑසන 5.30ට) www.srilankachinahotline.srilankamirror.com ඔස්සේ විකාශය වේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved