පාකිස්තානයේ Battagram ප්‍රදේශයේ කඳු දෙකක් අතර සවිකර තිබූ කේබල් කාරයක සිරවී සිටින පුද්ගලයන්ගෙන් ළමුන් සිවුදෙනෙකු බේරාගෙන ඇති බව බීබීසී ලෝක සේවය වාර්තා කරයි.
මේ බව පාකිස්තානු ජනතා පක්ෂයේ මධ්යම තොරතුරු ලේකම්වරයා පැවසූ බව බීබීසී ය කියයි.
අද එරට වේලාවෙන් උදෑසන 7ට පමණ පාසල් යමින් සිටි ළමුන් සයදෙනෙකු හා වැඩිහිටියන් දෙදෙනෙකු මෙම කේබල් කාරය තුළ සිටියදී එහි එක් කේබලයක් කැඩී ගොස් ඇති අතර, මෙය තනි කේබලයක ආධාරයෙන් පොළාවේ සිට අඩි 1,200ක් පමණ ඉහළ අහසේ එල්ලෙමින් තිබේ.
මේ අතර වාර්තා වන්නේ එම පිරිස අතර සිටින 16 හැවිරිදි සිසුවෙක් හෘද රෝගීයෙක් බවත් ඔහු පැය දෙකක කාලයක් පුරාවට සිහිමුර්ජා වී සිටින බවත්ය.
පාකිස්තාන හමුදා හෙලිකොප්ටර් යානා කිහිපයක් මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා යොදවා ඇති අතර කොමාන්ඩෝ භටයෙක් අනතුරට ලක්වී ඇති පිරිස වෙත ළඟාවීමට දෙවරක් උත්සාහ දරා තිබුණද, නකාලගුණය ඊට හරස්වී තිබුණි.
කෙසේවෙතත්, ඔවුන්ට අවශ්‍ය ආහාර සහ ජලය සැපයීමට මුදාගැනීමේ මෙහෙයුමේ නිරත භටයෝ සමත් වී ඇත.