මේ වන විට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්තානයේ කඩ සාප්පු සහ වෙළඳපලවල් සෑම දිනකම සාමාන්‍ය වේලාවට කලින් වසා දමන ලෙස එරට රජය නියෝග කර තිබේ.
එරට ආරක්ෂක අමාත්‍ය කවාජා ආසිෆ් පවසන්නේ මෙම පියවර මගින් පාකිස්තානයට එරට රු. බිලියන 62 ක් පමණ ඉතිරි කර ගත හැකි වනු ඇති බවයි.
පාකිස්තානය විසින් සිය බලශක්තියෙන් වැඩි ප්‍රමාණයක් නිපදවන්නේ ආනයනික ෆොසිල ඉන්ධන භාවිතා කරමිනි.
දැනටමත් ක්ෂයවෙමින් පවතින රටේ මූල්‍ය තත්ත්වය හමුවේ මේ සඳහා විදේශ මුදල් සංචිත අවශ්‍ය වේ.
පසුගිය වසරේදී පාකිස්තානය සතුව පැවති විදේශ සංචිත 50%කින් පමණ අඩුවීමෙන් පසු පසුගිය මාසය වන විට එරට රජය සතුවූ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 11.7 ක් විය.
එය ප්‍රමාණවත් වන්නේ රටේ සියලුම ආනයනවලින් මාසයක පමණ වටිනාකමක් ආවරණය කිරීමට පමණක් වන බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.